Roots & Wings 2025: දෙමාපිය සමුළුව

"දරුවන් යනු දෙමවුපියන්ගේ අප්‍රමාණ ආදරයෙත් අපේක්ෂාවේත්  මහාර්ඝ ඵලය" වන්නේ යැයි මාරියා මොන්ටිසෝරි මැතිණිය පවසා තිබේ. 

 

"සෑම දරුවෙකුට ම යමක් කළ හැකිය, සෑම දරුවෙකුට  ම අනන්‍ය වූ කුසලතාවයක් ඇත" යන්න මැනවින් විශද කරමින්, ඒ අදහස පවසා සිටියේ, 'හරි පුදුම ඉස්කෝලෙ' නම් මාහැඟි ග්‍රන්ථයෙන් අප දැන හදුනා ගන්නා කොබයාෂි ගුරුතුමාය.

 

වර්ථමාන ලෝකයේ පවතින තාක්ශණයේ දියුනුව, දරුවන්ගේ මනස, ඔවුන් සමග නිවැරදිව ගනුදෙනු කරන ආකාරය, දරුවන්ගේ ජීවිත බිලිගන්නා මත්ද්‍රව්‍ය සහ ඒවායේන් ඔවුන් මඟහැරීම, දරුවන්ට එරෙහි අපයෝජන සහ අපචාර වළක්වා ගැනීම සහ දෙමාපියන්, ගුරුවරුන් හා දරුවන් අතර සබඳතාව ශක්තිමත් කිරීම වැනි මාතෘකා සදහා වැඩි අවධානයක් යොමු කරමින්  Parenthrive විසින් Roots & Wings III –  සමුළුව 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා දින, Parenthrive අපි විසින් Roots & Wings 2025: දෙමාපිය සමුළුව තුන්වන සමුළුව කොළඹ ජාතික ලේඛනාරක්ශක දෙපාර්තමෙන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

 

මෙම අවස්ථාවට දෙමාපියන්, අධ්‍යාපනඥයින් සහ වෘත්තිකයන් 200 කට අධික පිරිසක් සහභාගී වූ අතර දරුවන්ගේ කායික, මානසික, සහ ශාරීරික වර්ධනයේ යහපැවැත්මට අවශ්‍ය වන කරුණු කාරණා ලබා දෙමින් පවුල තුල දෙමාපිය දූදරු සබදතාවයේ පැවතිය යුතු වටිනාකම් පෝෂණය කිරීම සඳහා අවශ්‍ය දේ පිලිබදව විස්තරාත්මකව අවබෝදයක් ලබා දුනි. වර්තමානයේ දක්නට ලැබෙන සමාජ තත්වයන් හමුවේ, වැඩිහිටියන් ලෙස දරුවා සමාජයට යොමු කිරීමට බියක් ඇති පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. දරුවාගේ ශාරීරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය මෙන්ම දරුවාගේ අවට පරිසරයේ සිදුවන දේ පිළිබදව දැනුවත්ව දරුවාට මේ පිළිබදව නිවැරදි දැනුම නිරන්තරයෙන්ම ලබා දිය යුත්තේ ඒ නිසාවෙනි.

 

දෙමාපියන් ලෙස කෙතරම් කාර්යබහුල වුනත් මේ ලස්සන කාලය මගහැර නොගෙන ක්‍රියා කරන ආකාරය  දරැවන්ට ජිවිතාන්තය දක්වා මතක තියෙන්නේ මේ සුන්දර කාලය, කෙතරම් මුදල් ,වත්කම් තිබුනත් දෙමාපිය දරැවන් අතර සහ සම්බන්ධය ගොඩ නැගෙන්නේ එයාලත් එක්ක ගත කරන සුලු වෙලාව හරි එයාලට දැනෙන්න ගත කිරිම අවශ්‍ය බව එදින සහභාගී වූ සියලූම සම්පත් දායක දායිකාවන්ගේ අදහස විය. අද දරැවන් බිලිබා ගන්න නොයෙකුත් වුවදුරැ තියෙන මේ සාමාජයෙන් දරැවන් ආරක්ෂා කර ගැනිමට දරැවන් දෙමාපියන්  අතර සහ සම්බන්ධය දැඩිව අවශ්‍ය යුගයක සිටින දෙමාපියන්ට ඉන් දරුවන් මුදවා ගන්නා ආකාරය ශ්‍රී ලන්කා පොලීසිය නියෝජනය කරමින් පැමිණි මදුමල් ගමගේ මහතා අර්ථවත් දේශණයක් සිදු කරන ලදි. ආර්ථික ගැටලු කෙතරම් තිබුනත් ඉතා සරල හා ගුනාත්මකව අපේ වුවමනා ඉටු කරගෙන දරැවන්ට දැනෙන ලෙස ආදරය දරුවන්ට දෙන්නට ඕනේ බව පවසමින් මනෝඋපදේශක, ජේශ්ඨ කථිකාචාර්‍ය දයා රෝහණ අතුකෝරාල මහතා දෙමාපියන් දැනුවත් කල අතරම ආදරය දරුවාට කෙතරම් අත්‍යවශ්‍ය කාරණාවක්ද යන වග මනෝ උපදේශිකා අමා දිසානායක මහත්මිය පෙන්වා දුන්නාය.

 

තවද වර්තමානයේ තාක්ශණයේ දියුණුව සමග දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගන්නේ කෙසේද යන්න පිලිබදව විවිධ ක්ශේත්‍ර නියෝජනය කරමින් එදින සහභාගීවූ ආරාධිතයන් වන, වෙස්ලි විද්‍යාලයේ වර්ථමාන විදුහල්පති අවන්ක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය අමාලි මහේශිකා මහත්මිය සහ ප්‍රවීණ නිළි ශේශාද්‍රි ප්‍රියසාද් මහත්මිය යන අයගේ අදහස් බෙදා ගන්නා ලදි.

 

ශ්‍රී ලංකාව පුරා සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් දෙමාපිය චාරිකාවක් නිර්මාණය කරන්නට දරණ මේ වෑයමට අප සමඟ එදා පටන් රැඳී සිටින අපගේ හවුල්කරුවන්ට විශේෂ ස්තූතිය පිරිනමන අතරමමෙම සම්මන්ත්‍රණය සහභාගී වූ සියල්ලන්ටම කිසිදු මුදල් අයකිරීමක් නොමැතිව සිදු කල අතර මේ සදහා සාර්ථකත්වයට දායක වූ සියලුම කථිකයින්ට, ස්වේච්ඡා සේවකයින්ට සහ සහභාගී වූ දෙමාපියන්ට Parenthrive අවංක කෘතඥතාව පළ කරන්නෙමු.

 

Go Back Top