Parenthrive - Nurturing families, strengthening communities Roots and Wings - ප්‍රථම දෙමාපිය සමුළුව
image

දෙමව්පිය චාරිකාවේ දී බොහෝ විට හුදකලා බවක් දැනිය හැකිය. වැරදි තොරතුරු වලින් නිමග්න මේ යුගයේ මාපියන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සොයා ගැනීමට දෙමාපියන් බොහෝ වෙහෙසෙති. දරුවෙකු ඇති දැඩි කිරීම ලෝකයේ වඩාත්ම අභියෝගාත්මක නමුත් වඩාත්ම ප්‍රතිලාභදායක රැකියාවයි. එබැවින් දෙමාපිය චාරිකාවේ බාධක ඔස්සේ සැරිසැරීමට අවශ්‍ය දැනුමෙන් සහ කුසලතාවන්ගෙන් දෙමාපියන් සවිබල ගැන්වීම කෙරෙහි විශේෂී අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වේ.

 

 Parenthrive හි අපගේ මෙහෙවර වන්නේ ශ්‍රී ලංකාව පුරා සිටින දෙමාපියන් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමෙන් දෙමාපියන් සවිබල ගැන්වීමයි. එහිදී අපි අත්දැකීම් ලත්, දැනුවත් මාපියන් හරහා දෙමාපියන්ට මඟ පෙන්වීම, ඔවුන් විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් සමඟ සම්බන්ධ කිරීම සහ එකම ප්‍රජාවක් ලෙස එකට නැඟි සිටීමට, ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට ඉඩක් ලබා දීමයි. දරුවන් සහ දෙමාපියන් සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන‍්හි ප්‍රවීණයන් සමඟ සම්බන්ධ ව මාර්ගගත සහ නොවන, විවිධ තොරතුරු සැසි හරහා දෙමාපියන් සවිබල ගැන්වීමේ අපගේ දැක්ම අපි සාක්ෂාත් කර ගනිමින් සිටිමු.

 

Parenthrive විසින් සංවිධානය කරන ලද ප්‍රථම දෙමාපිය සමුළුව මාර්තු 2 වන දින සවස 3 සිට 4 දක්වා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී 200 ට අධික දෙමාපියන් සහ ළමුන්ගේ දැවැන්ත සහභාගීත්වයකින් පැවැත්විණි. දරුවකු හදා වඩා ගැනීමේ ගමන සවිමත් කර ගැනීමට උත්සුක වූ මවුපියන්, ගුරුවරුන්, ආච්චිලා සීයලා, නැන්දලා, මාමලා ඇතුළු දරුවකු රැකබලා ගන්නා ඕනෑම කෙනෙකුට මෙම සමුළුව විවෘත විය. මෙම සමුළුව වසර ගණනාවක් පුරා විශේෂඥ දැනුමක් ඇති ක්ෂේත්‍රයන‍්හි ප්‍රවීණයන් විසින් පවත්වනු ලබන දෙමාපියත්වය පිළිබඳ වූ අගනා සැසි රැසකින් සමන්විත විය. කථික මණ්ඩලය දරුවන් මාපියන් හා ඇති දැඩි කිරීම සම්බන්ධ වූ කාලෝචිත සහ වැදගත් මාතෘකා පිළිබඳ ඔවුන්ගේ අවබෝධය බෙදාගත් ගෞරවනීය කථික මණ්ඩලයකින් සමන්විත විය. සැසි ප්‍රවාහය පහත පරිදි විය:

 

  • දරුවාගේ සන්නිවේදන හැකියා වැඩි දියුණු කිරීම සහ උපාය මාර්ග: වෛද්‍ය නිමීර සී වීරරත්න (කථන-භාෂා ව්‍යාධි විද්‍යාඥ, ප්‍රධාන විධායක නිලධාරී සහ IIPE හි නිර්මාතෘ)

 

  • සුව දිවිය - සන්ෂයින් පදනම මගින් පැවැත්වූ සංවාද කතිකාව - " නීරෝගී දිවිපැවැත්මක් සඳහා සරිලන ආහාර, වෛද්‍යවරයෙකු සහ පෝෂණවේදිනියෙකුගේ දෑසින් - වෛද්‍ය දිලිනි ඉලප්පෙරුම සහ රම්‍යා දේවි ජනරත් මහත්මිය විසින්

 

  • වෛද්‍ය රොමේෂ් ප්‍රනාන්දු (නයින්වෙල්ස් රෝහල) විසින් “ළමා රෝග” පිළිබඳව පවත්වන ලද සැසිය

 

  • ආචාර්ය ගෙහාන් ද සොයිසා (ප්‍රධාන විධායක නිලධාරී සහ ත්‍රෙඩ්වර්ක්ස්හි සභාපති) විසින් "දරුවන් හා ඩිජිටල් ලොවෙහි සැරිසැරීම - දෙමාපියන් සඳහා තාක්‍ෂණික මාර්ගෝපදේශයක්"

 

  • “ඩයපරයේ සිට ඩිප්ලෝමා දක්වා; පීතෘත්වය පිළිබඳ ආවර්ජනයක්” ආචාර්ය ප්‍රභාත් කරුණානායක (MBBS, MBA in HRM, Director HR, MSc in Business Psychology) සහ අමිත ගම‌ගේ (විධායක පුහුණුකරු, තරුණ ව්‍යවසායකත්ව උපදේශක) විසින් දෙමාපියන් අතර සාකච්ඡාවක්

 

  • “දෙමාපියත්වය: ළමා විශේෂඥයෙකුගේ ඇසින්“ - වෛද්‍ය සුරන්ත පෙරේරා විසින්

 

Roots & Wings Forum හි එක් ප්‍රධාන විශේෂත්වයක් වන්නේ 'Pick A Book' කනිෂ්ඨ සාමාජිකයින් වන නබීලා රිස්වාන් සහ රුක්ඛයියා අසීම් විසින් "පාඨකයන්ගෙන් නායකත්වය දක්වා: කියවීමේ ප්‍රීතිය තුළින් දීප්තිමත් අනාගතයක් ගොඩනැගීම" යන මාතෘකාව යටතේ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමයි. නබීලා සහ රුක්ඛයියා උත්සවයට පැමිණ සිටි දෙමාපියන්ගේ සහ දරුවන්ගේ නෙත් සිත් ඇදගන්නා ඉදිරිපත් කිරීමකින් අවධානය දිනා ගැනීමට සමත් විය. තවද, Parenthrive Horizon Club හි සමාජ නායකයින් වන නජ්ලහා මුන්සිල් මහත්මිය සහ නදුන් වරුණ මහතා‍ දෙමාපියන්ගේ ප්‍රජාව වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක් විය. දෙමාපියන් සඳහා ප්‍රථම මාපිය පාඨමාලා දියත් කිරීම Roots and Wings Forum හි තවත් වැදගත් අවස්ථාවක් විය. දිවයිනේ නන් දෙසින් ලැබුණු පොත් පරිත්‍යාග සහ සම්මන්ත්‍රණය සඳහා ප්‍රවේශ ගාස්තු ලෙස එකතු කරන ලද පොත් “සැමට සරණ”අනාථාගාරයට සහ “රුක්මලේ බාලිකා ළමා නිවාසයට” නිල වශයෙන් භාර දෙන ලදී.

 

මෙම සම්මන්ත්‍රණය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සහය වූ අපගේ අනුග්‍රාහකයන්ට අපගේ කෘතඥතාව පුද කිරීමට කැමැත්තෙමු. අපගේ ප්‍රධාන අනුග්‍රාහකයන් වන Softlogic Glomark, Velona Cuddles සහ Barista හට සහ අනෙකුත් අනුග්‍රාහකයන් වන Ninewells Hospitals, Pick Me, Atomedia, Suwa Diviya, TIIKM, PickaBook Global, Marspreneurs International Association of Coaching, MG Printers, Inspire College of Higher Education, Samudra Book Shop, and Elegant Smockers හට අපගේ කෘතඥතාව පුද කර සිටිමු.

 

අවසන් වශයෙන්, Roots & Wings දෙමාපිය සමුළුව දෙමාපියන්ගේ සහ භාරකරුවන්ගේ හදවත් සහ මනස ආලෝකමත් කළ අතර, දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කරමින් තවදුරටත් සංවාදයට දොරටු විවර කළේය.