Parenthrive - Nurturing families, strengthening communities Narcissistic දෙමාපියන් කියන්නෙ කාටද ? ලිපි අංක -02
image

කළින් Narcissisticදෙමාපියන් ගැන කල ලිපිය ඔබ කියවන්නට ඇති. මෙවැනි හැසිරිම් රටා පෙන්වන දෙමව්පියන් විශාල පිරිසක් බොහෝ විට ඔබ දැනටමත් හදුනනවා ඇති.අපි තව දුරටත් මේ පිළිබඳව සොයා බලමු. අපි දැන් මේ ආකාරයේ දෙමව්පියන්ගේ තවත් ලක්ශණ දෙස අවධානය යොමු කරමු.

 

  • දරුවන්ව පහත් කර ඔවුන්ගේ ස්වයං-විශ්වාසය පිළිබඳ හැඟීම් අඩාල කරන මොවුන් දරුවාගේ පාලනය තමා අතට ගන්නවා. මොකද දරුවෙකුගේ ස්වයං - විශ්වාසය අඩු වන තරමට ඔවුන් තම දෙමාපියන් කෙරෙහි විශ්වාසය තබනවා.එවිට දරුවා නිකම්ම දෙමව්පියන් අතේ නැටවෙන රූකඩයක් බවට පත්වෙනවා කිව්වොත් නිවැරදියි.

 

  • ඒ විතරක් නෙමෙයි. මොවුන් දරුවන්ව ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කරනවා.දරුවාගේ හැඟීම් ලැජ්ජාවට පත් කරනවා. ඒ තුළින් දරුවාට දැනෙන අනාරක්ෂිතබව හරහා ඔවුන්ට තම දරුවන් පාලනය කිරීමට පහසු වෙනවා.

 

  • මොවුන් කිසි විටෙක වගකීම් භාර ගන්නේවත් සමාව ඉල්ලන්නේවත් නෑ. තමන්ගෙ වගකීම් පැහැර හරිනවා. ඒ වගේම තමන්ගෙ වැරදි දරුවන් මත පටවලා දොස් පවරනවා. නමුත් එයාලව විවේචනය කරන්න දරුවන්ට අයිතියක් නෑ.මොකද ඔවුන් සිතා සිටිනවා දරුවන් තීරණ ගත යුත්තේ ඔවුන්ගේ

 

  • දරුවන්ගේ ජීවිතයේ සෑම අංශයක්ම පාලනය කරනවා. කීකරුවීම ඉතා ලොකුවට බලාපොරොත්තු වෙනවා.

 

  • නිරන්තරව දරුවන් විවේචනය කරනවා.

 

  • දරුවන්ගේ දේවල් ගැන හරි ම නොසැලකිලිමත්.අවම වශයෙන් දරුවෙකුගේ ජීවිතයේ කිසිදු වැදගත් අවස්ථාවක් ඔවුන්ට වැදගත් වෙන්නේ නෑ.

 

  • "මම උබට කන්න අඳින්න දුන්නා, මම හම්බකරපු හැම සතේම වියදම් කරලා ඉගැන්නුවා.ඒ නිසා උබ මට ණයයි." මේ විදියට ඔවුන් පසුකාලීනව තමන්ට රැකවරණය සහ සහයෝගය ලබා දෙන ලෙස දරුවන්ට නිතර ම පවසනවා.

 

  • දරුවන්ගෙ දේවල් ගැන නිතරම සැක කරනවා.ඒ නිසා දරුවන්ගේ වරදක් නොවන දේවල් වලට පවා ඔවුන්ට දොස් පවරනවා.

 

  • චිත්තවේගීය සංවේදනය අඩුයි.හරිම ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කරනවා.වෙලාවකට ඉතාම ආක්‍රමණශීලී වෙන්න පුළුවන්.

 

නමුත් මේ ලක්ෂණ එකක් දෙකක් තිබුණා කියල හැම දෙමව්පියෙක්ම Narcissistic වෙන්නෙ නෑ කියලත් ඔබ තේරුම් ගත යුතුයි.

 

NARCISSISTIC දෙමාපියනි,

 

ඔබ වැඩිහිටියෙකු වූ පමණින්, ඔබේ දරුවා ඔබට කිසිවක් ණය නැත. ඔවුන්ගේ බුද්ධිය, පෙනුම, ලිංගිකත්වය සහ හැසිරීම් විටෙක ඔබ බලාපොරොත්තු වූ අයුරින් නොලැබ තිබෙන්නට පුළුවන්. නමුත් ඔබේ දරුවාට ආදරය කරන්න.  ඔබගේ නොසලකා හැරීම සහ  අපයෝජනය හේතුවෙන් ඔවුන්ට නිසි ලෙස වර්ධනය වීමට නොහැකි විය හැකියි. එබැවින් දරුවන් යනු ඔබට සේවය කිරීම සඳහා සාදන ලද වස්තූන් ලෙස සැලකීම නවත්වන්න! ඔවුන්ට ආදරය කරන්න !ඔවුන්ගේ ලෝකයේ වීරයා ඔබ වෙන්න! අනාගත ජීවිතය තුළ යහපත් ආකාරයෙන් මතක හිටින චරිතයක් වෙන්න පුලුවන් විදියට හැසිරෙන්න.ඒක ඇත්තටම දෙමාපියත්වයට පත් වුණු ඔබෙන් ඉටු විය යුතුම දෙයක් ලෙස සිහි තබා ගන්න.