Parenthrive - Nurturing families, strengthening communities Parenthrive මාපිය ප්‍රජාව ගම්පොල නගරයට!
image

දැනුවත් දෙමාපියත්වයක් හරහා දෙමාපියන් සවිබල ගැන්වීමේ අරමුණින්, Parenthrive විසින්, 2024 අප්‍රේල් 27 දින පළමු වරට ගම්පොළ නගරයේ දී වටිනා දෙමාපිය හමුවක් සංවිධානය කරන ලදී. ගම්පොළ ඉලංගවත්ත වෛද්‍ය සායනයේදී පැවැත්වුණු මෙම හමුවීම වෛද්‍ය මොහොමඩ් ෆාරුක් මහතා විසින් මෙහෙයවන ලදී. දරුවන්ට සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර පුරුදු ඉගැන්වීම යන මාතෘකාව යටතේ ගෙන ආ මෙම සැසිය මාපිය ප්‍රජාව අතර දරුවන්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීමේ සාමූහික ප්‍රයත්නයක් සනිටුහන් කරමින් ගම්පොළ ප්‍රථම මාපිය ප්‍රජා සමාරම්භක රැස්වීම ලෙස සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. උද්යෝගිමත් දෙමාපියන් සහ ඔවුන්ගේ දූදරුවන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පෙරවරු 9 ට ආරම්භ වූ සැසිය, සිත් ඇදගන්නාසුළු සහ ප්‍රායෝගික සංවාදයකට වේදිකාව තැනීය.

 

ළමා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ෆාරුක් මහතා, දෙමාපියන් සහ දරුවන්ගේ පෝෂණය පිළිබඳ විද්‍යාත්මක සහ ප්‍රායෝගික උපදෙස් සම්මිශ්‍රණයක් හරහා ළමා පෝෂණය, දෙමාපියන් මුහුණ දෙන්නා වූ ගැටලු සහ සංකීර්ණතා පිළිබඳ දෙමාපියන් දැනුවත් කළ අතර, දරුවන් තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

 

අනාගත පරම්පරාවේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා ප්‍රමුඛත්වය දීම මුල් කරගත් මෙම රැස්වීමට සහභාගී වූ සියලු මාපියන් ක්‍රියාකාරීව නියැලෙමින් ඔවුන්ගේ ප්‍රශ්න සහ ප්‍රායෝගික ගැටලු යොමු කරමින්, තම අදහස් සහ අත්දැකීම් හුවමාරු කර ගත්හ.

 

මෙම සැසිය දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහ එය ඔවුන්ගේ අනාගත වර්ධනයට සෘජුව බලපානා අයුරු අවධාරණයට ලක් කළ වටිනා තොරතුරුවලින් යුතු විය. දැනුමින් සහ සහයෝගයෙන් දෙමාපියන් සවිබල ගැන්වූ වෛද්‍ය ෆාරුක්ගේ ප්‍රවීණත්වය සහ සංවිධායක කණ්ඩායමේ උත්සාහයට ස්තූතිවන්ත වෙමින් මෙම උත්සාහයය ගම්පොළ-මහනුවර ප්‍රදේශයේ දෙමාපිය ප්‍රජාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් අනාගත මුලපිරීම් රැසක් සඳහා අඩිතාලම දැමීය.

 

සැසියේ අවසානයත් සමඟ, සහභාගි වූ සියලු දෙනා එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ ඉගෙන ගැනීමට ඔවුන් ලැබූ අවස්ථාව පිළිබඳව ඔවුන්ගේ සතුට අප හා බෙදාගත්හ. මෙම හමුව වටිනා දැනුමක් ලබා දුන්නා පමණක් නොව, ප්‍රජාව තුළ සහයෝගීතාවයේ සහ සුහදතාවයේ හැඟීමක් ඇති කරමින් දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග ජය ගැනීමට සහ අත්දැකීම් බෙදා ගැනීමට අවකාශය විවර කළේය.

 

අපගේ අනාගත බලාපොරොත්තුව වන්නේ, ප්‍රීතිමත්, සෞඛ්‍ය සම්පන්න දරුවන් ඇති දැඩි කිරීම සඳහා දෙමාපියන්ට සම්බන්ධ වීමට, ඉගෙනීමට සහ සහයෝගය දැක්වීමට වැඩි අවස්ථා නිර්මාණය කිරීමේ හවුල් දැක්මක් ඇතිව, ගම්පොළ-මහනුවර ප්‍රදේශයේ දෙමාපිය ප්‍රජාවේ අඛණ්ඩ වර්ධනය හා සංවර්ධනය සඳහා සුබවාදී බලාපොරොත්තුවක් ලබා දීම වේ.