Parenthrive - Nurturing families, strengthening communities ළමා අපචාර නීති මගින් වැළක්විය හැකිද ? ලිපි අංක -01
image

මේ දවස් වල අපිට නිතරම අහන්න දකින්න ලැබෙන අවාසනාවන්ත මාතෘකාවක් තමයි ඉතා කුඩා වයසේ දරුවන්ට වුන ළමා අපචාර ගැන. මේ දේවල් වලට ඉතාම අසෝබන, පිළිකුල් සහගත සමාජයේ දකින්නට ලැබෙන සාරධර්ම වලට පටහැනි විදිහේ ෆේස්බුක් එක පුරාම හදන අසභ්‍ය ගෲප් ලොකුවට හේතුවක් වෙනවා කියලා මේ වෙද්දි තහවුරු වෙලා තියෙනවා.මනුස්ස වටිනාකම් වලින් ඉවත් වෙලා වෙනම අශීලාචාර දිශාවන්ට ගලන් යන මේ ෆේස් බුක් ගෘප්වල ගොදුරක් වෙන්න බොහෝ දුරට ඔබේ දරුවාටත් සිදු වෙන්න ඉඩ තියෙනවා.

 

මේ දේවල් මාධ්‍ය හරහා එළියට එද්දි විතරක් අපි ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.නමුත් කිසිම මොහොතක නියමාකාරයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ. මේ හැමදේම නිසා මේ වනවිට ළමා අපචාර සංඛ්‍යාත්මකව බොහෝම ඉහළ අගයක් ගන්නවා.

 

පසුගිය වසර කීපය පුරාම ලංකාවේ නන් දෙසින් කරපු විවිධ පර්‍යේශණ වලදී කුඩා දරුවෝ ලෙස ගැහැණු පිරිමි බේදයක් නැතුව බොහෝ දෙනෙක් ලිංගික අතවර වලට ලක් වෙලා තිබෙන බව හෙළි වෙලා තිබෙනවා. අතවර කියන්නේ ලිංගික බලහත්කාරයෙන් සංසර්ඝයට ලක්වීම විතරක් නෙවෙයි කියලා ඔබ දන්නවද?? අනවශ්‍ය අතපත ගෑමක් වුනත් දරුවෙක්ගේ ජීවිතේ ඇතිකරන ව්‍යවසනය ගොඩක් දරුණුයි. එය, ඔවුන් වැඩිහිටියන් ලෙස බිඳෙන්නට ලොකු හේතුවක් වෙනවා.

 

රකින්නට අවශ්‍ය ගැහැණු දරුවන් විතරද?

වැඩිහිටියන් වශයෙන් අපේ මූලිකම වගකීම වන්නේ දරුවන්ව ගැහැණු පිරිමි බේදයක් නැතුව ආරක්ශා සහගතව ජීවත් කරවීමයි. අපරාධකරුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය බව සියළුම දෙනා පිළිගන්නවා.ඒ අතරේ 1929 අංකය යටතේ ජාතික ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට ඕනෙම විදිහේ ළමා අපයෝජනයක් දැනුමත් කරන්න පුළුවන් කියලා මීට පෙර මෙම ලිපි මාලාවෙන් ඔබව අපි දැනුවත් කළා.මේ සටහනේ අරමුණ ඒ ගැන ලිවීම නෙවේ.  කුඩා දරුවන් කෙරෙහි ඇති වන මෙම ලිංගික ආශක්ත වීම ගැන දෙමව්පියන් වශයෙන් ඔබව දැනුවත් කිරීමයි.

 

මෙය මානසික රෝගයක් ද?

සාමාන්‍යයෙන් ළමයින් කෙරෙහි ලිංගිකව ආශක්ත වීම මානසික රෝගයක්. මේ තත්වය ඇති වෙන්නේ ඉතාම කුඩා ප්‍රතිශතයකට. නමුත් ඇයි මේ තරම් ළමා අපයෝජන මේ රටේ බහුල? ඔබේ අදහස කුමක්ද ??

 

ලිංගික ඇසුර වාරණය කිරීම සුදුසුද?

මිනිසා තෘප්තියට පත් වන ක්‍රම තිබෙනවා. එයින් ප්‍රධානම ක්‍රියාවක් තමයි ලිංගිකව තෘප්තිමත් වීම. නමුත් අවාසනාවට අපේ රටේ සංස්කෘතිය නමින් වැහිලා ඉන්න වික්ටෝරියාගේ එංගලන්ත සංස්කෘතිය සහ නීතිය වගේම සමාජ පරිසරය මගින් දරුණු ලෙසම ලිංගික සතුට ලැබීම වාරණයට ලක් වෙලා තිබෙනවා.කිසිම මොහොතක මින් කියවෙන්නෙ නැ මේ සියල්ල අසීමිත නිදහසකට ලක්විය යුතුයි කියලා.සියල්ලට සීමාවක් තිබිය යුතුයි.නමුත් එම සීමාවන් අසීමාන්තිකව සිර කිරීමක් නොවිය යුතුයි.

 

මිනිසා ලිංගිකව තෘප්තියට පත් නොවීම නිසා හටගන්නා පීඩනය තමයි බොහෝ විට මේ ළමා අපචාර ලෙස එලියට එන්නේ. සමාජයේ වඩාම අහිංසකම සහ අසරණම පිරිස තමා දරුවෝ කියන්නේ. ඔවුන් පාලනය කිරීම පහසුයි. බය ගැන්වීම මගිනුත් සඟවා ගැනීමට පහසු නිසාත  තමන්ගේ ලිංගික පීඩනය පිට දාන්න ඇතැම් මිනිස්සු පහසුවෙන් කුඩා දරුවෝ භාවිතා කරනවා.

 

මේ වන විට ලංකාව පුරා දිනකට දහස් ගණනක් දරුවන් මෙම අපරාධයට ගොදුරු වෙනවා.ඇතැම් දෙමාපියන්ද දැනුවත්ව මෙය සිදුවෙනවා.නමුත් අවාසනාවකට මෙවැනි ක්‍රියාවන් "අපචාර" ගණයට වැටෙන බවට ඔවුන්ට වැටහීමක් නෑ.කොළඹින් බොහෝ දුර පෙදෙස්වල දරුවන්ගෙ තත්වය සැබැවින්ම අවදානයට ලක්විය යුතු මට්ටමට ඇවිත්. දෙමව්පියන්ගේ සාක්ශරතාවය මදිකම බොහෝ විට මීට හේතුවක් වෙනවා.

 

මේ ඛේදවාචකය නීති මගින් විසදන්න පුලුවන්ද? අපි මේ ගැන මින් පසු ලිපියෙන් ඔබව දැනුවත් කරන්නම්.

 

ඔබේ දැනුවත් බව..අපරාධයකට තබන තිත විය හැකි බව සිහි තබා ගන්න.