Parenthrive - Nurturing families, strengthening communities සමවයස් දෙමාපිය ප්‍රජාව විසින් තම අදහස්,තොරතුරු හා ස්වකීය අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම
image
" දෙමාපියත්වය " යනු, සැබැවින්ම චිත්තප්‍රීතිය ගෙනදෙන, අලුත් අභියෝගයන්ගෙන් ජීවිතයට නැවුම් දැනුමක් හා ජීවිතාවබෝධයක් ලබා ගත හැකි, එතෙක් ගතකල සාමාන්‍ය ජීවිතය, යහපත් වූත් සුවිසල් වූත් පරිවර්තනයකට හෙළනා එක්තරා ජීවිත සන්ධිස්ථානයක් වනවා මෙන්ම, " වඩා හොඳ දෙමාපියත්වය ", ඒ සැමකක්ම සේ ම, දෙමාපියනටත්, ඔවුන්ගේ දරුවන්ටත් සමබර මානසික හා කායික සුවය සමග නිරෝගීමත් ජීවිතයක් උරුම කරනා බව අපි දන්නෙමු. පෙර සඳහන් බොහෝ ලිපි වල මෙන්, ඉතාම වැදගත් මෙන් ම, ඉතාම සන්ධිස්ථානමය කාර්‍යභාරයක්, මෙම " වඩා හොඳ දෙමාපියත්වය ", ශ්‍රී ලාංකික සමාජය වැනි සමාජ පරිසරයකට ඈඳීමෙහිදී " දෙමාපියත්ව සංසඳයක් " විසින් ඉටු කරනු ලබන බව ද, එහිදී අපට නිතැතින්ම සිහිපත් වන කරුණක්.
 
එහෙත්  ....
 
" දෙමාපියත්ව සමාජයක් " සමග අත්වැල් බැඳගෙන සිටින ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන උපදෙස් හා මගපෙන්වීම් වලට අමතරව, ප්‍රායෝගික ප්‍රවේශයකින්, මේ " දෙමාපියත්ව සංකල්පය ", කිසිඳු සමාජයීය, ආර්ථික හෝ වාර්ගික ආදී බෙදීමකින් තොරව සෑම දෙමාපියෙකු වෙතම සමීප කිරීමේදී, " දෙමාපියත්ව සමාජයකට " සාපේක්ෂව වඩා වැඩි සමීපත්වයක් පෙන්වන මාර්ගයක්/න් තෝරාගැනීමට අත්‍යවශ්‍යයෙන්ම සිදුවේ. එම අවස්ථාවේදී, එවන් දෙමාපියත්ව සංසඳයන්වල සාමාජිකත්වය දරන, සමවයස් මට්ටම්වල පසුවන දෙමාපියන් අතර ඇතිවන සුහදතාවයන් සහ අදහස් හුවමාරු කරගැනීම මූලිකව නිර්මාණය වී ඇති යහපත් අන්තර් සබදතාවයන්, ඉතා වැදගත් බව ද අවිවාදයෙන්ම පිළිගැනීමට සිදු වේ.
 
මෙහිදී  .... 
 
පෙර ලිපිවලින් ද ප්‍රක්ෂේපිත ආකාරයටම, " වැඩිහිටි වියට ක්‍රමිකව පත්වත්ම, දෙමාපියන්ට ඇතිවන ' මානසිකමය හුදකලාභාවයෙන් ' ( විශේෂයෙන්ම, දහවල් කාලයේ සැමියා නිවසින් පිටත රැකියාස්ථානයෙහි සිටීම හේතුවෙන්, සහ දූදරුවන් පාසල්වල සිටීම හේතුවෙන්  නිවෙස්වල තනිවන කාන්තාවන්, මව්වරුන් තුළ ඇතිවන " තනිකම් මානසිකත්වයෙන් " ) ඈත්වීම උදෙසා, මෙවන් සමවයස් දෙමාපියන් අතර, සජීවීව හෝ දුරස්ථව හෝ සිදුවන සුහදශීලී, මිත්‍රශීලි කතාබහ ඉවහල් වේ. එය ඔවුන්ගේ සිත්වලට ප්‍රීතියේ සහ සංවේදනයේ ආලෝකය ගෙන එන අතර, ඕනෑම විශාලත්වයක, ඕනෑම ගැඹුරක, ඕනෑම ආකාරයක " එදිනෙදා ජීවිතයේ ගැටළුවක් "  විසඳා ගැනීමට අවශ්‍ය මානසික එක්තැන් බව, හා බොහෝ විට එම ගැටළුවලට වඩා සුදුසු විසඳුම් ඒ සන්නිවේදනය විසින් ලබා දෙයි ( මානසික අවපීඩා තත්වයන්ගෙන් පෙළෙන්නන්ට, නිරන්තරයෙන් අන් අය සමග කතා කිරීම,  සාකච්ඡා කිරීම සුදුසු යැයි මනෝ උපදේශකයන් විසින් නිර්දේශ කරනු ලබන්නේ එහෙයිනි. ) . ඒ ගැටළු, " දෙමාපියත්වය " පිළිබ‍ඳව වඩා වැඩි දැනුමක් සහ අවබෝධයක් නොමැති, " දෙමාපියත්ව සංකල්පයට කිරිකෝඩු " - පශ්චාත් ප්‍රසව අවධියේ සිටින දෙමාපියන්ගේ සිට, තරුණ හෝ නව යෞවන වියේ පසුවන දරුවන් සිටින නමුත් තවමත් " වඩා හොඳ දෙමාපියත්වය " නැමැති සංකල්පයට කිරිකෝඩු දෙමාපියන් දක්වා, ඔවුන් එදිනෙදා මුහුණ දෙන, වඩා බරපතල සහ වඩා බරපතල නොමැති " දෙමාපියත්ව ගැටළු " වුවත්  .... , ඒ සියළු ගැටළුවලට පාහේ ඉතා වටිනා සහෝපකාරයක් සපයයි. 
 
එහිදී  .... 
 
තම දරුවන්ගේ ජීවිතවල සන්ධිස්ථානමය යහපත් සැමැරුම්, සතුටුදායක ජයග්‍රහණයන්, එම සහයෝගී, සමවයස් දෙමාපියන් හා ඔවුන්ගේ දරුවන් අතර අවංකව හුවමාරු කොටගත හැකි වනවා සේ ම, එම අන්‍ය දෙමාපියන්ගේ හා එම දරුවන්ගේ අවංක සතුටුදායක ප්‍රතිචාර දැකීමෙන් හා බොහෝ විට, තම ආර්ථික, සමාජ තත්වය අනුව එම අවස්ථාවන් වලට සජීවීව සහභාගී වීමෙන් තම දරුවන් කෙරෙහි වඩාත් හොඳ, ධනාත්මක මානසිකත්වයක් තමා තුළ ඇති කරගත හැකිවා මෙන්ම, එවන් සියළු ප්‍රතිදානයන් හිමිවනා, " සමවයස් දෙමාපිය සබදතා " වලට අවශ්‍ය වටාපිටාව ලබාදෙමින්,  සැබැවින්ම, " වඩා හොඳ දෙමාපියත්වයක පදනම " දරුවා වටා රෝපණය කිරීමට " දෙමාපියත්ව සමාජයකට " අනිවාර්යය හැකියාව ලැබේ.