Parenthrive මගින් සංවිධානය කරනු ලබන Parenthrive “යොවුන් දරුවන්ගේ දෙමාපියන්" සමාජයෙහි ආරම්භක හමුව අගෝස්තු මස 31 වන දින ප.ව. 8.00 ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.යොවුන් වියේ දරුවන්ගේ දියවැඩියා තත්වය පිළිබඳව අවබෝධ කරගැනීම සහ වැළැක්වීම සදහා ආචාර්ය චමරි මණ්ඩිතගේ ( වෛද්‍ය සම්බන්ධීකාරක - සුව දිවිය ) මහත්මිය විසින් දෙමාපිය මාර්ගෝපදේශනයක් අපගේ දෙමාපියන්ට ලබාදුනි.
දියවැඩියාව යනු කුමක්ද?
පූර්ව දියවැඩියාව - දියවැඩියාව රුධිරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩිපුර තිබීම පූර්ව දියවැඩියාව ලෙස හැදින්වේ. පූර්ව දියවැඩියාව ඉක්මවා රුධිරයේ සීනි මට්ටම ඇත්නම් එය දියවැඩිය තත්වයයි.
දියවැඩියාවේ රෝග ලක්ෂණ
දියවැඩියාවේ අවදානම් සාධක
ඔබේ අවදානම් මට්ටම කුමක්ද?
දියවැඩිය රෝගයෙන් මිදීමට තමන් තමන්ගේ ජීවන රටාවෙ වෙනසක් ඇති කරගන්නේ කෙසේද?
( ධාන්‍ය වර්ග තොරාගැනීම , වැඩිපුර එළවළු ආහාරයට ගන්න, සීනි සහිත බීම වර්ග පානයෙන් වළකින්න, රතු මස් සහ සැකසූ මස් සීමා කරන්න, ලුණු තේ හැන්දක් සහ සීනි තේ හැදි හයක්)
දියවැඩියා රෝගයේ නොකියූ පැත්ත
සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ වෛද්‍ය ප්‍රතිකාර මගින් දියවැඩියාව පාලනය කළ හැකිය. හොඳින් ආහාර ගැනීමෙන්, ව්‍යායාම කිරීමෙන් සහ රුධිර සීනි නිරීක්ෂණය කිරීමෙන් පුද්ගලයන්ට සංකූලතා අවම කර ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කළ හැකිය. දියවැඩියා රෝගය ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා කල් ඇතිව හඳුනා ගැනීම, නිරන්තර සත්කාර සහ ප්‍රජා සහයෝගය අත්‍යවශ්‍ය වේ.