Parenthrive - Nurturing families, strengthening communities මානසික ප්‍රතිකාර සහ උපදේශනය ලබා ගැනීම ලැජ්ජාවක් ද?
image

ශ්‍රී ලංකාව තුළ, මානසික ප්‍රතිකාර ලබා ගැනීම හෝ උපදේශනය ලබාගැනීම යන සංකල්පයන් බොහෝ විට ලැජ්ජාසහගත යමක් ලෙස දකින අවස්ථා බහුලය. මෙම සංස්කෘතිය පදනම්ව නිර්මාණය වී ඇති වැරදි වැටහීම් දරුවන් පමණක් නොව අනාගත වැඩිහිටියන්ගේද මානසික ගැටලු සඳහා බෙහෙවින් බලපායි. කෙසේ වෙතත්, සමාජ සම්මතයන් පරිණාමය වන විට සහ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය වන විට, ශක්තිමත් පවුල් සබඳතා පෝෂණය කිරීම සහ තම සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා මානසික ප්‍රතිකාරයන්ගේ වටිනාකම අදවන විට දෙමාපියන් හඳුනා ගනිමින් සිටී.

ලාංකික දෙමාපියන් මානසික ප්‍රතිකාර ලබා ගැනීම ගැන සලකා බැලිය යුත්තේ ඇයි?

  1. සංස්කෘතික සහ අන්තර් පුද්ගල අභියෝග ආමන්ත්‍රණය කිරීම:

ශ්‍රී ලාංකීය පවුල් බොහෝ විට දෙමාපිය-දරු සබඳතා, විවාහ සබඳතා සහ පවුල් සමගිය කෙරෙහි බලපෑම් කළ හැකි විවිධ සංස්කෘතික හා අන්තර් පුද්ගල අභියෝගවලට මුහුණ දෙයි. උපදේශනය සහ මානසික ප්‍රතිකාර මෙම ගැටළු අවබෝධ කරගැනීමට සහ විසඳීමට, පරම්පරා අතර ගැටුම්වලට මුහුන දීමට සහ ඵලදායී සන්නිවේදන සහ ගැටුම් නිරාකරණ කුසලතා ඉගෙන ගැනීමට දෙමාපියන්ට ආරක්ෂිත අවකාශයක් සපයයි. කුඩා කාලයේ සිදුවූ සිදුවීම් වැඩිහිටියෙකු ලෙස ඔබට බලපා ඇති ආකාරය, ඒවා අවබෝධ කරගනිමින් ජීවිතයට ශක්තිමත්ව මුහූණ දෙමින් තමාගේ මෙන්ම දරුවන්ගේ මානසික සුවය සඳහා මඟ විවර කරගැනීමට උපදේශනය ඔබගේ පළමු පියවර ලෙස විශ්වාසයෙන් තැබිය හැකිය.

 

2.මානසික ආතතිය සහ අධික ලෙස වෙහෙස වීම:

දෙමාපියකු වීම ප්‍රතිලාභදායි වුවද, එයට ඊටම අවේණික වූ ආතතියන් සහ අභියෝග ඇත. රැකියාව, පවුලේ වගකීම් සහ පෞද්ගලික යහපැවැත්ම සමබර කර ගැනීම සමහර විට අභියෝගාත්මක ලෙස දැනිය හැක. උපදේශනය ලබා ගැනීම දෙමාපියන්ට මානසික ආතතිය පාලනය කර ගැනීමට, දැඩි වෙහෙසට පත්වීම වැළැක්වීමට සහ තම රැකවරණය සඳහා ප්‍රමුඛත්වය දීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික උපාය මාර්ග ලබා දෙයි. සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් පවුල් ජීවිතයකට ඔබට මග පාදයි.

 

  1. දෙමාපිය කුසලතා වැඩි දියුණු කිරීම:

ඵලදායි මාපියත්වය යනු ඉවසීම, සංවේදනය සහ අවබෝධය අවශ්‍ය වන විශේෂි කුසලතාවකි. උපදේශනය ලබා ගැනීම මගින් දෙමාපියන්ට ළමා සංවර්ධනය, දරුවන්ගේ හැසිරීම් පාලනය කිරීමේ ශිල්පීය ක්‍රම සහ ධනාත්මක, නිරෝගී දරුවන් ඇති දැඩි කිරීමේ උපාය මාර්ග පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දේ. දෙමාපිය කුසලතා වැඩි දියුණු කිරීමෙන්, දෙමාපියන්ට තම දරුවන් සමඟ ශක්තිමත් බැඳීම් ගොඩනඟා ගැනීමට, ඔවුන්ගේ චිත්තවේගීය සහ මානසික වර්ධනය දියුණු කිරීමට සහ ඔවුන්ගේ ජීවිතයේ ධනාත්මක ප්‍රතිඵල ඉහළ නැංවීමට කටයුතු කළ හැකිය.

 

  1. අතීතයේ කටුක අත්දැකීම් සහ කම්පන වලින් සුවපත් වීම

ශ්‍රී ලංකාවේ බොහෝ දෙමාපියන් ගැටුම්, අවතැන්වීම්, ස්වභාවික විපත් හෝ අනෙක් පෞද්ගලික අභියෝග හේතුවෙන් තමන්ගේම ජීවිතවල කටුක අත්දැකීම් හෝ විපත්තීන් අත්විඳ ඇත. උපදේශනය මගින් අතීත අත්දැකීම් අවබෝධ කරගැනීම, එහි ප්‍රතිඵලවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනංවාගැනීම සහ සුවපත් වීම සඳහා අවශ්‍ය ආධාරක පරිසරයක් ලබා දේ. කාලාන්තරයක් තිස්සේ සිත තුළ නොවිසඳුනු ගැටළු හඳුනාගනිමින් ඒවා විසඳීමෙන්, පරම්පරාගතව එන ජීවන චක්‍ර, ගැටලුකාරී වාතාවරණයන් සහ කම්කටොළු බිඳ දැමිය හැකි අතර තම දරුවන්ට වඩාත් ආදරණීය, පෝෂණීය පරිසරයක් නිර්මාණය කළ හැකිය.

 

  1. විවාහ සබඳතා ශක්තිමත් කර ගැනීම

ධනාත්මක, නිරෝගී විවාහ සබඳතා ශක්තිමත් පවුල්වල පදනම වේ. උපදේශනය විවාහක යුවලයන් අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීම, ගැටුම් නිරාකරණය කිරීම සහ චිත්තවේගීය, මානසික සමීපත්වය දැඩි කිරීම සඳහා සහය වේ. තම විවාහ බැඳීම ශක්තිමත් කිරීමට කටයුතු කිරීම මඟින්, දෙමාපියන්ට තම දරුවන්ට දියුණු වීම සඳහා ස්ථාවර සහ උපකාරක පරිසරයක් නිර්මාණය කළ හැකිය.

 

  1. මානසික සෞඛ්‍යය වටා ඇති අපකීර්තිය බිඳ දැමීම:

ඔබ විඳිනා මානසික ගැටලු සහ අභියෝග සඳහා ප්‍රතිකාර සෙවීම ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය වටා ඇති ලැජ්ජාව අවම කිරීමට සහය වන අතර විවෘතභාවය, පිළිගැනීම සහ සහයෝගය මුල් කරගත් සංස්කෘතියක් ගොඩනැඟ. චිකිත්සාව සෙවීමේ හැසිරීම සාමාන්‍යකරණය කිරීමෙන්, දෙමාපියන් තම දරුවන්ට ධනාත්මක ආදර්ශයක් ලබා දෙන අතර වඩාත් දයානුකම්පිත සහ ඔරොත්තු දෙන සමාජයක් ගොඩනැගීමට දායක වේ.

 

අවසාන වශයෙන්, චිකිත්සාව ශ්‍රී ලංකාවේ දෙමාපියන්ට සංස්කෘතික හා අන්තර් පුද්ගල අභියෝගවලට විසඳුම් සෙවීමේ සිට මානසික සෞඛ්‍යය සහ මුළු පවුලටම යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම දක්වා බොහෝ ප්‍රතිලාභ ලබා දෙයි. පුද්ගලික වර්ධනය සහ පවුල් පොහොසත් කිරීම සඳහා මෙවලමක් ලෙස චිකිත්සාව වැලඳ ගැනීමෙන්, ඉදිරි පරම්පරාවන් සඳහා ශක්තිමත්, සෞඛ්ය සම්පන්න සහ වඩා ඔරොත්තු දෙන පවුල් පෝෂණය කළ හැකිය.