Parenthrive - Nurturing families, strengthening communities පූර්ව ළමා විය අධ්‍යාපනය කියන්නේ මොකක්ද? 2 කොටස
image

මීට පෙර ලිපියෙන් ඔබව දැනුවත් කරපු කාරණාව තවත් ගැඹුරින් සාකච්ඡා කලොත් වඩා වැදගත් කරුණු කිපයක් හරහා ඔබට ඒ ගැන කියන්නට අපි සූදානම්.

 

  1. සාකල්‍ය සංවර්ධනය

 

මිනිසෙකු විදියට ජීවත් වෙන්න දරුවා තුල චිත්තවේගීය, සමාජ, මානසික හා ශාරීරික වශයෙන්  හැම පැත්තකින්ම ශක්තිමත් පදනමක් ඇති කිරීම වැදගත් වෙනවා. කුඩා දරුවන් හසුරුවන ගුරුවරුන්, දරුවාගේ දුර්වල අංග හඳුනා ගැනීම වගේම ප්‍රායෝගික සැසි වලින් ඒවා  වැඩිදියුණු කිරීමට දිරි ගන්වනවා. වෙනත් සාමාන්‍ය දරුවන්ට වඩා වැඩියෙන් සංවර්ධන අවශ්‍යතා සහිත දරුවෙකු නම් පූර්ව ළමා විය ගුරුවරයා විසින් ඒ සදහා නිවැරදි යොමු කිරීමක් කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. මේ කරුණ තුළදී ඇති වන මිතුරන් අතර අන්තර් සබඳතාව කුඩා දරුවාට බෙහෙවින් වැදගත් වෙන්නේ ඒ නිසයි.

 

  1. අධ්‍යාපනයේ  වටිනාකම

 

පෙර පාසලෙන් ලබා දෙන අලුත් පරිසරය දරුවන්ට අධ්‍යාපනයේ  අවශ්‍යතා මත සම්පූර්ණයෙන්ම වෙනස් දැක්මක් ලබා දෙනවා. දැනුම හා ග්රහණය කරගැනීම ඔවුන්ගේ ජීවිතවලට අදාළ කරගැනීම තුළින් අධ්‍යාපනයේ වටිනාකම පෙන්වන්නට මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්.

 

  1. ගෞරවය

 

පෙර පාසලෙහි පරිසරය දරුවන්ට සමාජයේ ඉන්න ඕන කරන විදිය සරලව උගන්නනවා.එකිනෙකාට ගෞරව කරන්නෙ කොහොමද ? තමන්ට ගෞරවයක් ලබා ගන්නෙ කොහොමද කියලා ඔවුන් මේ කාලෙදි ඉගෙන ගන්නවා.

 

  1. කණ්ඩායම් වැඩ

 

පුද්ගලයන්ගේ කණ්ඩායම් ක්‍රියාකාරිත්වයට පදනම් වෙලා තියෙන්නේ අන් අයගේ අදහස් වලට ගරු කිරීම, සමානාත්මතාවයට සවන්දීමේ කුසලතා හා මානසිකත්වය එක්කයි. මෙම ගුණාංග හැම එකක්ම තරුණ අවධියේදී උගන්වන්නට ඕන. බොහෝ පෙර පාසැල් ක්‍රියාකාරකම් කණ්ඩායම් වැඩ සඳහා අවධානය යොමු කරනවා. කණ්ඩායමක් විදියට වැඩ කරන්නට දරුවන්ගේ ආකල්ප වැඩි දියුණු කරන්න උපකාර කිරීමට පුර්ව ළමා විය අධ්‍යාපනය ඒ ආකාරයෙන් ඉවහල් වෙනවා.

 

  1. ඔරොත්තු දීම

 

අපේ සමාජය හා පරිසරය හැමදාම වෙනස් වෙන නිසා හැකි තරම් ඊට ගැලපෙන ලෙස ඉක්මනින් ඔරොත්තු දීම දරුවන් තුල දියුණු කිරීම වැදගත් වෙනවා. වෘත්තීය මාර්ගෝපදේශකයින් විසින් සපයන අභියෝගාත්මක සිද්ධීන් දරුවන්ට තම අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට උපකාර කරනවා. ඔවුන්ගේ අනාගත අභියෝග වලට වඩා හොඳ සාර්ථක උපක්‍රම උපයෝගී කර ගැනීමට ඔවුන්ගේ අත්දැකීම්වලින් නිවැරදි මග පෙන්වීමක් ලැබෙනවා.

 

  1. අවධානය දියුණු කිරීම

 

පෙර පාසල් කාර්යයන් හා ක්‍රියාකාරකම්  ළමයින්ට වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කල හැකි ලෙස තමයි සකස් කරලා තියෙන්නේ. එකම දේ නැවත නැවත වෙන සිදුවීම් වලින් ඔවුන්ගේ "අවධානය" කුසලතාව වර්ධනය කරනවා.මේ හුරුව නිසා තමයි පසු කාලෙක දරුවන් විභාග වලට හොදින් මුහුණ දීමට නම් එකම කරුණක් පවා නැවත නැවත කියා පාඩම් කරන්නේ.

 

  1. ඉවසීම

 

වැඩිහිටියෙකුගේ ජීවිතයේ දී, ඉවසීම බොහෝ විට පරීක්ෂාවට ලක් වන අතර, අනාගතයේදී එවැනි තත්වයන් හැසිරවීමට දරුවන් පුහුණු කිරීම අනිවාර්ය වෙනවා. ගුරුතුමියගේ අවධානය බෙදාගැනීම, ඔවුන්ගේ හැසිරීම බලා සිටීම වගේ අත්දැකීම් දරුවන්ට ඉවසීම වර්ධනය කර ගැනීමට උපකාර කරනවා.

 

  1. විශ්වාසය සහ ස්වයං ගරුත්වය

 

පුද්ගලයෙකුට තම හැකියාවන් සොයා බැලීමට නම් යහපැවැත්මක් තිබීම වැදගත් වෙනවා. සම වයසේ මිතුරන් හා ගුරුවරුන් සමඟ ධනාත්මක සම්බන්ධතාවයන් හදාගනිමින් තමා ගැනම ධනාත්මක ආකල්පයක් ඇති වීමට පුර්ව ළමාවිය අධ්‍යාපනය පිටුවහලක් වෙනවා කියලා මේ වෙද්දි සොයාගෙන තිබෙනවා.

 

මේ කරුණු වලට අමතරව තවත් බොහෝ දේ තිබෙනවා.නමුත් මූලිකවම සමාජානුයෝජනය සදහා මේ දේවල් වැදගත් වෙනවා.ඒ නිසා ඔබේ දරුවාටත් නිවැරදි පූර්ව ළමා විය අධ්‍යාපනය ලබා දීම අතිශය වැදගත් වෙනවා.