Parenthrive - Nurturing families, strengthening communities දරුවාට අවශ්‍ය උපරිම පෝෂණය ලබා දෙමින් ඔවුන්ට නිරෝගිමත් අනාගතයක් ගොඩනගමු.
image

Parenthrive විසින් දෙමාපියන් තුල ගැටළු රාශියක් ඇති මාතෘකාවක් වන ළමා පෝෂණය පිලිබදව වටිනා සාකච්ඡාවක් අගෝස්තු මස 28 වන බදාදා දින ප.ව. 8.00 සිට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. දෙමාපිය හමුව මෙහෙයවනු ලැබුවේ වෛද්‍ය ඩබ්ලිව්. එස්. පී. ද සිල්වා මහත්මිය විසිනි. බොහෝ දෙමාපියන් මෙම හමුවට  සහභාගී වූහ!

වෛද්‍යතුමිය සැසිය ආරම්භ කිරීමට පෙර දරුවකුගේ පෝෂණය ගැන උනන්දු විය යුත්තේ මන්ද යන්න ගැන දෙමාපියන්ට හදුන්වා දුනි.

කුඩා කල සිටම දරුවෙකුගේ පෝෂණය පිලිබදව උනන්දු විය යුත්තේ ඇයි?

මක්නිසාද යත් දරුවෙකුගේ මොළයේ වර්ධනය 90% ක්ම  වයස අවුරුදු 05 ට පෙර සිදු වේ. එම නිසා මෙම කාලසීමාව තුල දරුවකුගේ මොළය වර්ධනයට උපකාරී වන පෝෂ්‍යදායි

ආහාර ලබා දීම ඉතා වැදගත්ය.

 

මෙම අවුරුදු 5 තුල ලබා දිය යුතු පෝෂ්‍යදායී ආහාර මොනවාද?

 

  • පළමු මාස 06 - මව් කිරි පමණක් ලබාදෙන්න. 

 

මව් කිරි ලබා දීම තුලින් මවටත් දරුවාටත් ප්‍රතිලාභ බොහොමයක් ගෙනදේ. ඒවා නම්,

  • දරුවා සහ මව අතර දැඩි සම්බනේධතාවක් ඇති වේ.
  • දරුවකුගේ වර්ධනයට සහ විකසනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සියල්ලම අඩංගු වේ.
  • දරැවාගේ බුද්ධි වර්ධනය වැඩි වේ.
  • ආහාර දිරවීමේ අපහසුතා අවම කරයි.
  • මවට පියයුරු පිළිකා ඇතිවීමට ඇති අවධානම අඩු වේ.
  • දරැවාට ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට ප්‍රතිදේහ ලබාදෙයි.
  • ප්‍රසූතියෙන් පසු මවගේ අධික බර හෝ ස්ථූලතාව ඇති වීම වැළෙකේ.

  • මාස 6 පසු - අමතර අහාර 

 

පළමු මාස 6න් පසුව දරුවාට මව්කිරි සමග අමතර ආහාර ලබා දීමට ආරම්භ කරන්න.අමතර ආහාර ලබාදීමේදී පහත කරුණු පිලිබදව දැනුවත් වන්න.

    පිරිසිදු  මෙමගින් දරුවට සිදුවිය හැකි අසාදන අඩු කරගත හැක. දරුවට ලබා දෙන ආහාර මෙන්ම ආහාර පිසීම සදහා භාවිතා කරන භාජන පිරිසිදු කිරීම වැදගත්.

  • පිරිසිදු බව. මෙමගින් දරුවට සිදුවිය හැකි අසාදන අඩු කරගත හැක. දරුවට ලබා දෙන ආහාර මෙන්ම ආහාර පිසීම සදහා භාවිතා කරන භාජන පිරිසිදු කිරීම වැදගත්. 
  • විවිධත්වය. විවිධ වර්ණ,විවිධ හැඩ වලින් යුත් අහාර දරුවන්ට ලබාදෙන්න.
  • ගුණාත්මක බව. ආහාර වල තිබෙන ගුණාත්මකතාවයට හානි නොවන අන්දමින් අහර පිසින්න. රසායනික ද්‍රව්‍ය නොමැති අහාර ලබාදීම ඉතා වැදගත් වේ.  
  • අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබා දෙන්න 

 

මස 6 සම්පුර්ණ වූ පසු අමතර ආහාර පහත ආකාරයට ලබා දීම සිදු කල යුතුය. 

 

  • අමතර ආහාර තලපයක් ලෙස ලබා දෙන්න.
  • අමතර ආහාර ආරම්භ කර සතියක් ගත වූ විගස, යකඩ බහුල ආහාර හා තෙල් කෑම වලට දිනපතා එකතු කර ගන්න. 

 

  • මාස 6 සම්පුර්ණ වූ දා සිට මාස 7 ක් දක්වා

 

පළමුව තේ හැදි දෙකක් ඉන් පසුව තුනක් පසුව කෝප්ප භාගයක ප්‍රමාණයෙන් මෙන් ආහාර වේල  ක්‍රමයෙන් තලපයක් ලෙස ලබා දෙන්න. 

 

  • මාස 7 සිට 8 දක්වා 

 

මෙම කාලය තුලදී කෝප්ප භාගයකට වැඩි අහර ප්‍රමාණයක් මස 7 අවසානයේදී සියුම් කෑලි සහිතව ලබා දෙන්න. මාස 8 වන විටදී තරමක කැබලි සහිතව ලබා දෙන්න.

 

  • මාස 9 සිට 11 දක්වා 

 

කෝප්ප තුන්කාලක ප්‍රමාණයක් මෙම කාලයේදී දරුවාට ලබා දෙන්න. මාස 9 දී දරුවාට ආහාර  අතින් ඇල්ලීමට අවස්ථාව ලබා දෙන්න.

 

  • මාස 12 සිට

 

මාස 12 න් පසු දරුවාට ප්‍රධාන ආහාර වේලක් ක්‍රමයෙන් ලබා දෙන්න. කෝප්පයකට වැඩි ආහාර ප්‍රමාණයක් ලබා දෙන්න. 

 

සමබල ආහාර වේලක් යනු කුමක්ද?

 

  • ධාන්‍ය (කාබෝහයිඩ්‍රේට් ) උදාහරණ: බත්, කඩල, මුං ඇට. 
  • ප්‍රෝටීන් - උදාහරණ: බිත්තර, මස්, මාළු 
  • එළවලු - දරුවගේ කෑම පිගානෙන් භාගයක්ම පමණ එළවලු ලබා දෙන්න. වැඩි පුර කොළ පාට එළවලු ලබාදෙන්න. 
  • පළතුරු - පළතුරු යුෂ ලබා දීමට වඩා පලතුරු කෑලි ලබා දෙන්න. පලතුරු යුෂ තුලින් පලතුරු වල තිබෙන පෝෂ්‍ය පදාර්ථ වලට හානි ඇතිකරයි.
  • කිරි ආහාර (කැල්සියම්) - දරුවාගේ අස්ථි, මාංශ පේශී ශක්තිමත් වීම සදහා කිරි ආහාර දරුවාට ලබා දීම ඉතා වැදගත් වේ. 

 

දරුවාගේ මොලය වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මොනවද?

 

  • Omega 3 - තෙල් සහිත පොඩි මාළු තුල මෙම පෝෂ්‍ය පදාර්ථ 
  • Zinc - මුහුදු අහාර, බිත්තර, වට්ටක්කා බීජ
  • Protein - බිත්තර, මස්, මාළු 
  • Iron ( යකඩ ) - සත්ව ආහාර, වියලි මිදි, නිවිති, තම්පලා.

 

දරුවාට ආහාර ලබා දීමේදී මේ දේවල් කරන්න එපා !!

 

  • අවුරුද්දට අඩු දරුවන්ට සීනි සහ ලුණු ලබා දීමෙන් වලකින්න. 
  • ක්ෂණික අහාර ලබා නොදෙන්න 
  • දරුවා ආහාර ගන්නා වේලාවට ස්මාර්ට් දුරකථනය දරුවා අතට ලබා නොදෙන්න. ඊ වෙනුවට දරුවා කැමති කතන්දර පොතක් භාවිතා කරන්න. 
  • ආහාර බ්ලෙන්ඩර් නොකරන්න. 

 

ආහාර පිසීමේදී දරුවන්ව ඒ සදහා සහභාගී කරගන්න. දරුවාගේ පෝෂණය මෙන්න දරුවාව ශාරීරික ක්‍රියාකාරකම් වල යොදවීම තුලින් ලෙඩ රෝග අඩු ශක්තිමත් දරුවකු බිහි කල හැක.