Parenthrive - Nurturing families, strengthening communities දරුවන් සඳහා සෞඛ්‍ය සම්පන්න පෝෂදායි ආහාර පුරුදු ඇති කරමු
image

ගම්පොළ නගරයේදී දෙවන වරට පැවැත්වූ දෙමාපිය හමුව 2024.05.30 දින මව්වරු පියවරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. දරුවන් සඳහා සෞඛ්‍ය සම්පන්න පෝෂදායි ආහාර පුරුදු ඇති කරමු යන මාතෘකාව ඔස්සේ වෛද්‍ය මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් මහතා විසින් මෙහෙයවන ලදී. ඉලංගවත්ත සායන මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබූ මෙම වැඩසටහන පෙ.ව. 10.00 ට ආරම්භ වූ අතර දෙමාපිය දැනුම ශක්තිමත් කිරීමේ පේරන්ත්‍රයිව් සමාජ සත්කාරයේ තවත් මෙහෙවරකි. පේරන්ත්‍රයිව් නර්චර් සර්කල් දෙමාපිය සමාජය සඳහා පළමු වරට සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන ළමා පෝෂණ අවශ්‍යතා පිළිබඳ වටිනා කොරකුරු සහ දැනුමින් ලාංකික දෙමාපියන් සවිබල ගැන්වීමේ තවත් උත්සාහයයකි.

 

දෙමාපියන් එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන්නා වූ  විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා යාවත්කාලීන වූ නව අදහස්වල බලපෘම සහ ශක්තිය අපි වි‍ශ්වාස කරන්නෙමු. මාපියන් පමණක් නොව දරුවන්ගේ ද ක්‍රියාශීලී සහභාගීත්වයෙන් වර්ණවත් වු මෙම වැඩසටහන හරහා තම අදහස් සහ යෝජනා දැක්වීම සඳහා ද අවකාශය විවෘත විය. දෙමාපිය සහ විශේෂඥ අදහස්වලින් තවදුරටත් ශක්තිමත් වූ ගම්පොල සැසිය වටිනා සාකච්ඡාවන්ටල විවාදයන්ට සහ කතිකතාවන්ට මාර්ගය විවෘත කළේය. වෛද්‍ය ෆාරුක් මහතාගේ දේශනය සහ උපදෙස් දෙමාපියන්ට තම දරුවන්ගේ ආහාර පුරුදු නිවැරදි කිරීමට මහඟු පිටුහලක් වූ බව අපට විශ්වාසය.

 

අවසන් වශයෙන් සම්පත් දායකත්වය ලබා දුන් වෛද්‍ය මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් මහතාටද, වෙලෝනා කඩල්ස් ඇතුළු අපගේ අනුග්‍රාහකයන්ටත්, සහභාගී වූ දෙමාපියන්ටත්, මෙම කර්තවය සාර්ථක කර ගැනීම සඳහා නිරන්තරයෙන් වෙහෙස මහන්සි වන්නා වූ පේරන්ත්‍රයිව් කණ්ඩායමට ද ස්තූතිය පුද කර සිටිමු.