Parenthrive - Nurturing families, strengthening communities දරුවන් ඇතිදැඩි කිරීමේ දෙමාපිය විලාසයන් මොනවාද?
image

දරුවෙකුගේ වර්ධනය, හැසිරීම් සහ සමස්ත යහපැවැත්ම හැඩගැස්වීමේදී දරුවන් ඇතිදැඩි කිරීමේ මාපිය විලාසයන් සහ ශෛලීන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. සෑම දෙමව්පියෙකුටම ඔවුන්ට ආවේණික වූ දරුවන් ඇති දැඩි කිරීමේ විලාසයන් තිබිය හැකි අතර, පර්යේෂකයන් විසින් මූලික මාපිය විලාසයන් තුනක් හඳුනාගෙන ඇත. එනම්, අනුඥාතශීලි, ඒකාධිපති සහ අධිකාරී මාපියත්වය යනාදි ලෙසයි. එක් එක් මාපිය විලාසයන්‌‌ගේ ලක්ෂණ සහ බලපෑම් අවබෝධ කර ගැනීම ඵලදායී මාපියත්ව රටා සහ පුරුදු පිළිබඳ දෙමාපියන්ට වටිනා අවබෝධයක් ලබා දේ.

 

අනුඥාතශීලි දෙමාපිය පාලනය:

අනුඥාතශීලි දෙමාපිය පාලනයේදී උණුසුම් සහ ආදර‍ණිය ලෙස ප්‍රතිචාර දැක්වීම මගින් දරුවන් ඇති දැඩිකරන්නා වූ දෙමාපිය විලාසයක් වුව ද එහි අවම පාලනයක් සහ ව්‍යුහයක් ඇත. මෙම විලාසය අනුගමනය කරන දෙමාපියන්, දරුවන්ගේ හැකියා සහ කුසලතා පිළිබඳ තෘප්තිමත් වන අතර, අනවශ්‍ය ලෙස දරුවන් පාලනය නොකරමින් සහ ඔවුන්ගෙන් ඉල්ලීම් නොකිරීමට වගබලාගයි. ඔවුන් දරුවන්ගේ විනය සහ රීති බලාත්මක කිරීමට වඩා තම දරුවාගේ සතුට සහ ස්වයං පාලනයට ප්‍රමුඛත්වය දෙයි. අනුඥාතශීලි දෙමාපියන් බොහෝ විට ගැටුම් අවම කර ගැනීම මූලික කරගනිමින් සිටින අතර ස්ථිර සීමාවන් සැකසීමට හෝ වැරදි හැසිරීම් සඳහා ප්‍රතිවිපාක පැනවීමට මැලි වේ.

 

බලපෑම:

අනුඥාතශීලි දෙමාපියන් විසින් ඇති දැඩි කරන ලද දරුවන් ආවේගශීලී බව, අඩු ස්වයං විනයක් සහ දුර්වල ස්වයං-නියාමනය වැනි ලක්ෂණ ප්‍රදර්ශනය කළ හැකිය. පැහැදිලි සීමා මායිම් නොමැතිව වැඩෙන හෙයින්, ඔවුන් ඒකාධිකාරී චරිත සමඟ අරගල කළ හැකි අතර තම සීමාවන් තේරුම් ගැනීමට ඔවුන්ට අපහසු වේ. මෙම දරුවන්ට තම දෙමාපියන් සමඟ උණුසුම් හා කිට්ටු සබඳතාවක් භුක්ති විඳිය හැකි වුවද, නීති රීති අනුගමනය කිරීමේදී සහ ව්‍යුහගත පරිසරයන්ට අනුවර්තනය වීමේදී අභියෝගයන්ටද මුහුණ දිය හැකිය.

 

ආඥාශීලි / ඒකාධිපති දෙමාපිය පාලනය:

ආඥාශීලි මාපිය පාලනය ඉහළ පාලනයකින් සහ දැඩි නීති රීති පද්ධතියකින් සමන්විත අතර මෙම දෙමාපියන් අඩුවෙන් ආදරණිය ප්‍රතිචාර දැක්වයි. මෙම විලාසය අනුගමනය කරන දෙමාපියන් දැඩි නීති රීති සහ අපේක්ෂාවන් ක්‍රියාත්මක කරන්නේ සාකච්ඡා කිරීමට හෝ නම්‍යශීලී වීමට වැඩි ඉඩක් නොමැතිවය. ඔවුන් කීකරුකමට සහ විනයට ප්‍රමුඛත්වය දෙන අතර, බොහෝවිට හැසිරීම නිවැරදි කිරීමට දණ්ඩනීති ක්‍රියාමාර්ග භාවිතා කරයි. ආඥාශීලි දෙමව්පියන් තනි පුද්ගල ප්‍රකාශනයට සහ ස්වාධීනත්වයට වඩා පිළිවෙලට සහ අධිකාරියට ගරු කිරීමට නැඹුරු වෙති.

 

බලපෑම:

ආඥාශීලි දෙමව්පියන් විසින් ඇති දැඩි කරන ලද දරුවන්ට කීකරුකම සහ අනුකූලතාව පිළිබඳ දැඩි හැඟීමක් වර්ධනය විය හැකි නමුත් අඩු ආත්ම අභිමානය සහ ස්වාධීනත්වය සමඟ අරගල කළ හැකිය. ඔවුන් ඒකාධිපති පුද්ගලයින් කෙරෙහි බිය, අපහසුතාව සහ අමනාපයේ සලකුණු ප්‍රදර්ශනය කළ හැකිය. මීට අමතරව, මෙම දරුවන්ට ගැටළු විසඳීමේ කුසලතා නොමැති විය හැකි අතර, ඔවුන්ගේ හැදී වැඩීමේ සීමාකාරී ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔවුන්ට අපහසු වේ.

 

අධිකාරි/ බලධාරී දෙමාපිය පාලනය:

අධිකාරි දෙමාපිය පාලනය ආදරණීයත්වය, ප්‍රතිචාරාත්මක බවින් යුතු අතර ස්ථිර පාලනය සහ පවුල් ව්‍යුහය අතර සමතුලිතතාවයක් ඇති කරයි. මෙම ශෛලිය අනුගමනය කරන දෙමාපියන් පැහැදිලි අපේක්ෂාවන් සහ සීමා මායිම් සකසන අතරම ආදරය සහ සහයෝගය දක්වයි. ඔවුන් දරුවන්ට මඟ පෙන්වීමින් පවුල තුළ විවෘත සන්නිවේදනය, අන්‍යෝන්‍ය ගෞරවය සහ ස්වාධීනත්වය දිරිමත් කරයි. වැරදි හැසිරීම් සඳහා සාධාරණ සීමාවන් සහ ප්‍රතිවිපාක පවත්වා ගනිමින් බලධාරී දෙමාපියන් තම දරුවාගේ ඉදිරි දර්ශනය සහ ස්වාධීනත්වය අගය කරති.

 

බලපෑම:

අධිකාරී දෙමාපියන් විසින් ඇති දැඩි කරන ලද දරුවන් ඉහළ මට්ටමේ ආත්ම අභිමානය, ස්වයං විනය සහ සමාජ නිපුණතාවය පෙන්නුම් කරයි. ඔවුන් ශක්තිමත් ලෙස ගැටළු විසඳීමේ කුසලතා, ඔරොත්තු දීමේ හැකියාව සහ ඔවුන්ගේ හැඟීම් ඵලදායී ලෙස නියාමනය කිරීමේ හැකියාව පෙන්නුම් කරයි. මෙම දරුවන්ට බොහෝ විට සම වයසේ මිතුරන් සමඟ හා අධිකාරී පුද්ගලයින් සමඟ ධනාත්මක සබඳතා ඇති කර ගනිමින්නා අතර ආත්ම විශ්වාසය සහ ස්වාධීනත්වය පිළිබඳ දැඩි හැඟීමක් ඇත.

 

අවසන් වශයෙන්, මාපියන් දරුවන් ඇති දැඩි කරන විලාසයන් දරුවාගේ වර්ධනයට සහ හැසිරීමට සැලකිය යුතු ලෙස බලපායි. අනුඥාතශීලි, ඒකාධිපති සහ අධිකාරී/බලධාරි විලාසයන්හි එකිනෙකට වෙනස් ලක්ෂණ සහ බලපෑම් ඇති අතර, පර්යේෂණවලින් පෙනී යන්නේ බලධාරී දෙමාපියකරණය දරුවන්ගේ සමස්ත යහපැවැත්ම සඳහා වඩාත් හිතකර ප්‍රතිඵල ලබා දීමට නැඹුරු වන බවයි. සාධාරණ අපේක්ෂාවන් සහ සීමා මායිම් පවත්වා ගනිමින් ආධාරක සහ පෝෂණීය පරිසරයක් පෝෂණය කිරීමෙන් දෙමාපියන්ට තම දරුවාගේ සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය සහ ජීවිතයේ සාර්ථකත්වය ප්‍රවර්ධනය කළ හැකිය.