Parenthrive - Nurturing families, strengthening communities දරුවන්ගේ මානසික සෞඛ්‍ය සංකූලතා සහ දෙමව්පියන්ට වන බලපෑම
image

දරුවන්ගේ මානසික සෞඛ්‍ය ඔවුන්ගේ සමස්ත යහපැවැත්ම තීරණය කරන වැදගත් අංගයක් වන අතර, එය ඉගෙනීමට, අන් අය සමඟ කටයුතු කිරීමට සහ තම හැඟීම් නිවැරදි ලෙස හැසිරවීමට ඇති හැකියාව කෙරෙහි බලපායි. දරුවන් මානසික සෞඛ්ය ගැටලුවලට මුහුණ දෙන විට, බලපෑම් පුද්ගලයාගෙන් ඔබ්බට විහිදෙන අතර, ඔවුන්ගේ පවුල්වලට, විශේෂයෙන් දෙමාපියන්ට ගැඹුරින් බලපායි. 

 

ළමුන් තුළ පොදු මානසික සෞඛ්‍ය සංකූලතා මොනවාද?

 

ළමුන් තුළ මානසික සෞඛ්‍ය සංකූලතා විවිධ ආකාරවලින් ප්‍රකාශ විය හැකිය:

 

  1. කාංසාව සබැඳි ආබාධ: එදිනෙදා ක්‍රියාකාරකම් වලට බාධා කරන අධික බිය හෝ කනස්සල්ල.

 

  1. මානසික අවපීඩනය: වරක් ආශාවෙන් සහ කැමැත්තෙන් කළ ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුව නැතිවීම සහ නිරන්තරව දුක් සහ පසුතැවිලි වීම.

 

  1. ඌණ අවධාන / අධි ක්‍රියාශීලීත්වය (ADHD): අවධානය යොමු කිරීමේ දුෂ්කරතාව, අධි ක්‍රියාකාරීත්වය සහ ආවේගශීලී හැසිරීම.

 

  1. ඔටිසම් තත්ත්වය (මොළය තුළ ඇතිවන ස්නායුමය රෝග තත්වය) (ASD): සන්නිවේදනය කිරීමේ, හැසිරීමේ සහ සමාජ අන්තර්ක්‍රියා කිරීමේ අපහසුතාව හා අභියෝග.

 

  1. චර්යාත්මක ආබාධ: කඩාකප්පල්කාරී හැසිරීම් රටා, එනම් මානසික අක්‍රමතා (ODD) හෝ හැසිරීම් ආබාධ (CD).

 

දෙමව්පියන්ට ඇති වන බලපෑම

 

දරුවන් මුහුණ දෙන මානසික සෞඛ්ය අභියෝග සැලකිය යුතු ලෙස විවිධ ආකාරවලින් දෙමව්පියන්ට බලපායි:

 

  1. මානසික ආතතිය: බොහෝ විට දෙමව්පියන් තම දරුවාට සහාය වීමට උත්සාහ කරන අතරතුරදී වරදකාරිත්වය, කලකිරීම සහ අසරණභාවය ඇතුළු හැඟීම් රාශියක් අත්විඳිති.

 

  1. මූල්‍ය ආතතිය: ප්‍රතිකාර, වෛද්‍ය චිකිත්සාව සහ විශේෂි අධ්‍යාපනයේ පිරිවැය සැලකිය යුතු තරම් ඉහළ විය හැකි අතර, පවුල් මත මූල්‍ය බර වැඩි කරයි.

 

  1. කාලය කළමනාකරණය කිරීම: වෛද්‍ය හමුවීම්, චිකිත්සාවන් සහ දෛනික රැකවරණය යනාදිය කළමනාකරණය කිරීම සඳහා කාලය ගත විය හැකි අතර, දෙමව්පියන්ට තමන් හෝ පවුලේ අනෙකුත් සාමාජිකයින් සඳහා ඉතිරි වන්නේ ඉතා සුළු කාලයකි.

 

  1. සමාජය හුදකලාව: මානසික සෞඛ්‍ය ගැටලු වටා ඇති අපකීර්තිය නිසා දෙමව්පියන් සමාජීය කටයුතු වලින් ඉවත් වීමට උත්සාහ කරන අතර, එමඟින් හුදකලාව සහ තනිකම පිළිබඳ දැඩි හැඟීම් ඔවුන් තුළ ඇති කරයි.

 

  1. පවුල් සබඳතාවලට හානි වීම: ආතතිය සහ නිරන්තරයෙන් දරුවාගේ අවශ්යතා කෙරෙහි අවධානය යොමු කිරීම නිසා විවාහ හා පවුල් සබඳතා පළුදු කළ හැකි අතර එමඟින් ගැටුම්, ආරවුල් හා සන්නිවේදන බිඳවැටීම් ඇති වේ.

 

දෙමව්පියන් සඳහා ප්‍රයෝජනවත් වන ක්‍රම

 

තම දරුවාගේ මානසික සෞඛ්ය සංකූලතා වල බලපෑම කළමනාකරණය කිරීම සඳහා, දෙමව්පියන්ට මෙවැනි උපාය මාර්ග කිහිපයක් භාවිතා කළ හැකිය:

 

  1. අධ්යාපනය සහ දැනුවත්භාවය: දරුවන්ගේ මානසික සෞඛ්ය තත්වය නිශ්චිතට අවබෝධ කර ගැනීම මඟින් දෙමව්පියන්ට ඒ හා සබැඳි අභියෝග අපේක්ෂා කිරීමට සහ ඒ සඳහා ඵලදායී ලෙස ප්රතිචාර දැක්වීමට උපකාරී වේ. පොත්පත් කියවීම, වැඩමුළුවලට සහභාගී වීම සහ සෞඛ්ය වෘත්තිකයන්ගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා ප්රයෝජනවත් වේ. Parenthrive අපගේ ප්රධාන අවධානය යොමු වන්නේ දැනුවත් දෙමව්පියන් දිරිමත් කිරීමයි. සම්බන්ධ වීමට: parenthrive community

 

  1. ආධාරක ජාලයන් හා සම්බන්ධ වීම: උපකාරක කණ්ඩායම් වලට සම්බන්ධ වීම හෝ සමාන අභියෝගවලට මුහුණ දෙන වෙනත් දෙමව්පියන් සමඟ සම්බන්ධ වීම මේ සඳහා අවශ්‍ය චිත්තවේගීය සහාය, ප්රායෝගික උපදෙස් සහ ප්රජාව පිළිබඳ එකම්තු හැඟීමක් ලබා දිය හැකිය. පේරව්ත්‍රයිව් යනු මෙවැනි ගැටළු සඳහා පෙනී සිටින දෙමාපියන් සඳහාම වූ අවකාශයකි. දෙමව්පියන් මෙම චිත්තවේගීය යහපැවැත්ම ගැන සාකච්ඡා කළ හොරයිසන් ක්ලබ් සැසිය පිළිබඳ අපගේ ලිපිය: emotional-health

 

  1. ස්වයං රැකවරණය: දෙමව්පියන්ට ඔවුන්ගේ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා ස්වයං රැකවරණයට ප්රමුඛත්වය දීම අත්යවශ්ය කරුණකි. නිතිපතා ව්යායාම කිරීම, විනෝදාංශ පවත්වා ගැනීම සහ නිදහසේ කාලය ගත කිරීම යනාදිය මානසික ආතතිය කළමනාකරණය කිරීමට උපකාරී වේ.

 

  1. වෘත්තීය උපකාර: වෛද්‍යවරුන්ගේ හෝ උපදේශකයින්ගෙන් උපකාර ලබා ගැනීම මඟින් දෙමාපියන්ට මෙම ගැටලුවලට සාර්ථකව මුහුණ දීමේ උපාය මාර්ග සහ ඊට අවශ්‍ය චිත්තවේගීය සහාය ලබා දිය හැකිය. පවුල් උපදේශනය හරහා පවුල තුළ සන්නිවේදනය සහ සබඳතා වැඩි දියුණු කළ හැකිය.

 

  1. චර්යාව සහ පවුල් ව්යුහය: ස්ථාවර චර්යාවන් ස්ථාපිත කිරීම දරුවන්ට ආරක්ෂිත බවක් දැනීමට සහ ඔවුන්ගේ කාංසාව අඩු කිරීමට උපකාරී වේ. මෙමඟින්, දෙමව්පියන්ට එදිනෙදා ජීවිතය වඩාත් පහසු ලෙස කළමනාකරණය කර ගත හැකිය.

 

  1. උපදේශනය සහ මැදිහත්වීම: පාසල් පද්ධතිය සහ සෞඛ්ය සේවා පද්ධති තුළ තම දරුවාගේ අවශ්යතා වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ට සුදුසු සහ අවශ්‍ය සහාය සහ පහසුකම් ලැබෙන බව මෙමඟින් සහතික කරයි.

 

  1. අධ්යාත්මික සංවර්ධනය: අධ්යාත්මිකත්වය හෝ ආගමික පිළිවෙත් වෙත යොමු වීම දෙමව්පියන්ට සාමය, බලාපොරොත්තුව සහ මානසික ශක්තිය පිළිබඳ හැඟීමක් ලබා දිය හැකිය. යාච්ඤාවන්, භාවනාව, ආගමික සේවාවන්ට සහභාගී වීම හෝ අධ්යාත්මික සාකච්ඡාවල නිරත වීම හරහා දෙමාපියන්ට මානසික සැනසීම සහ සියල්ලෝම සමාන අභීයෝගයන්ට මුහුණ දෙන්නා වූ එක් ප්‍රජාවක් වේ යනාදි හැඟීමක් ලබා දිය හැකිය. බොහෝ දෙනෙක් ඔවුන්ගේ ආගමික ඇදහීම් තුළ සැනසීම සහ මඟ පෙන්වීම සොයා ගනී. ආධ්‍යාත්ම්ක සුවය තමන් මුහුණ දෙන අභියෝගයන්ට නොසැලී මුහුණ දීමට ඔවුන්ට උපකාරී වේ.

 

දරුවන්ගේ මානසික සෞඛ්ය සංකූලතා අවිවාදාත්මකවම ඔවුන්ගේ දෙමව්පියන්ට බලපායි. බොහෝ චිත්තවේගීය, මූල්ය හා සමාජීය අභියෝග ගෙන එයි. කෙසේ වෙතත්, නිසි දැනුම, ආධාරක ජාලයන්, ස්වයං රැකවරණය, වෘත්තීය උපකාර පැතීම, ක්‍රමානුකූල චර්යාවන්, ආගමික අනුශාසනා සහ අධ්යාත්මිකත්වය තුළින් දෙමව්පියන්ට මෙම අභියෝගයන්ට වඩාත් හොඳින් මුහුණ දිය හැකිය. තම දරුවාගේ යහපැවැත්මට ප් රමුඛත්වය දීමෙන්, දෙමව්පියන්ට තම පවුල තුළ අභියෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව දියුණු කරමින් ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන සහායක පරිසරයක් පවුල තුළ නිර්මාණය කළ හැකිය.