Parenthrive - Nurturing families, strengthening communities ඛේදවාචකයක් අවසන් කළ හැක්කේ නීතිය මගින් ද? ලිපි අංක -02
image

මේ ගැන ඔබේ අදහස කුමක්ද?

 

නීති අනිවාර්යයෙන්ම ඉතාමත් දැඩි වෙන්න අවශ්‍යයි.  ළමා අපයෝජන කරන උදවිය වෙත මරණ දණ්ඩනය නියම කිරීම වුනත් සිදු කිරීමට වත්මන් සමාජය කිසිදු පැකිළීමකින් තොරව එකඟ වෙනවා. මන්ද දරුවෙක් අපයෝජනය කිරීම කියන්නේ ඒ පුංචි ජීවිතය නැත්තටම නැති කර දැමීමක් නිසා.

 

නමුත්....

 

අපේ රටේ ලිංගිකත්වය සැලකෙන්නේ අසභ්‍ය වැරදි දෙයක් ලෙසයි. මානවයාගේ තෘප්තිය රකින , දරුවෝ බිහි කරන්න හේතු වෙන පූජනීය දෙයක් වන, මිනිස් මූලික අවශ්‍යතාවයක් වන ලිංගික සංසර්ඝය අනවශ්‍ය ලෙස වරණය කිරීම කරන සමාජ ක්‍රමය සහ නීතිය පළමුව වෙනස් වෙන්න ඕනේ.නමුත් පෙර ලිපියේ කී පරිදි සීමා සහිතව.

 

අවාසනාවට තවමත් අපේ රටේ තිබෙන්නේ එක්දහස් නවසියය කාල වකවානුවට අයිති නීති බව  බොහෝ කනගාටුවෙන් ප්‍රකාශ කරන්නට සිදු වෙනවා. නොයෙක් වතාවල රටේ පිළිගත් පාර්ශවයන් මේ ගැන පවතින රජයන් දැනවත් කලත් මේ වනතුරු කිසිම සාධනීය වෙනසක් නොවුන බව බොහෝ කනගාටුවෙන් වුණත් අපට පිළිගන්නට සිදු වෙනවා.

 

සීයල අතින් මුණුබුරෝ දූෂණය වෙන එක ලඟදි ඉඳල අහන්න ලැබෙනවා. ඒවාට වරද අපේ ආච්චිලාට පැටවෙනවා .යන්තම් වයස අවුරුදු 50 වෙද්දීම ආගමට නැඹුරු වීමක් මවා ගැනීම සැබැවින්ම මිනිස් ශරීරයේ ජීව විද්‍යාවට බලපෑමක් කරනවා. බොහෝ විට වයසින් මුහුකුරා යත්ම සැමියා හා බිරිද වෙනම කාමර වල ජීවත් වන්නට පටන් ගන්නවා. " අනේ හිත පාලනේ කරගන්න ඕනේ..දැන් මේ නාකි වයසේ මොනවද ?" හැබැයි බොහෝමයකට මග ඇරෙන තැනක් තිබෙනවා. ගැහැණු වගේ නෙවේ පිරිමි ශරීරය කියන එක. ඔවුන්ගේ ලිංගික සක්‍රීයතාවය අවුරුදු 70 වෙනකම් වුනත් පවතිනවා. නෝනේ කියාගෙන ගෙදර සුදු පිරුව්වට ඇඳගෙන හිටියට මූලික අවශ්‍යතාවයක් යටපත් කරන්නට හැකියාවක් නෑ. ගොඩක් මුණුබුරෝ අතවරයට ලක් කරන සීයලාගේ කතාව ඕකයි.

 

සමාජයේ ඉතා ධනවත් පිරිසට මේ ගැටලුව නැහැ. මුදල් නිසා ඔවුන්ට හොද ආරක්‍ෂිත ස්ථාන වලට ලිංගිකව හැසිරෙන්න යන්න පුළුවන්. නමුත් රුපියල් 30,000ක පමණ මාසික වැටුපක් ගන්න කෙනෙක්ට ලිංගිකව තෘප්තිමත් වෙනවා කියන දේ හිතන්න වත් බැහැ විවාහ වෙලා නැත්නම්. මේ සියළු කරුණු ඍජුවම හෝ වක්‍රව මේ ගැටළුව උඩු දුවන්නට බලපාලා තිබෙනවා.

 

 මේ රටේ සම්පූර්ණ චින්තන විප්ලවයක් වෙන්න කාලේ හරි බව පෙනී ගියත් එයට අසීමිත නිදහසක් දිය යුතු යැයි ඔබ වරදවා වටහා ගන්නට එපා. ඔබේ අවධානය, දැනුවත් වීම මගින් වැඩි කරගන්නට ඔබට සිදු වෙනවා.ඊයේ දිනයේදි වෙනත් දරුවකුට සිදු වූ යමක්, අද හෝ හෙට ඔබේ දරුවාට සිදු වීමට ඇති ඉඩ, ලංකාව වගේ රටක ටිකක් වැඩියි.නමුත් දෙමව්පියන් වශයෙන් ඔබ ඔබේ වගකීම නිසි පරිදි ඉටු කරනවා නම් මේ සියළු දෑ අවසන් කරන්නට ඔබට හැකියි.