Parenthrive - Nurturing families, strengthening communities ඔබේ දරුවාත් විභාග භීතිකාවෙන් පෙළෙනවද?
image

විභාගය කියන්නෙ භීතිකාවක්ද?

 

දරුවන්ගේ සිතේ හටගන්න බලවත් චකිතය හා පීඩනය විදියට මේ කරුණ සරලව අපට හදුන්වන්න පුළුවන්.මෙවැනි කාලවලදී මව්පියන් වශයෙන් ඔබ ඔබේ දරුවාට බොහෝ සමීප වීම වැදගත් වෙනවා.

 

මෙි සදහා බලපාන හේතු මොනවද?

 

 

???? මිට පෙර විභාග සදහා මුහුණ දි එයින් අසමත්විමි පිළිබඳ අත්දැකීම් නිසා විභාග සදහා සිතේ ඇතිවන බය මේකට හේතු වෙනවා.ඒ වගේම තමයි විභාගය පිළිබඳව විශ්වාසයක් නැති වීමත් හේතුවක් වෙනවා.ඇතැම්විට තමන්ගේ සූදානම මදිකම පවා මේකට හේතුවක් වෙනවා.

 

මේ කරුණු වලට අමතරව දෙමව්පියන් වශයෙන් ඔබේ පැත්තෙන් පවා යම් යම් බලපෑම් මේ කියන තත්ත්වය ඇතිවෙන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා.

 

 ???? විභාගය සදහා පෙර සුදානමක් නොමැති

 විම.

 

සමහර දෙමව්පියන් සැබැවින්ම දරුවාගෙ අධ්‍යාපනයට අවධානයක් යොමු කරන්නෙ නෑ.ඔවුන් ඉගෙනගන්නෙ කුමන දේද කියාවත් හරි හැටි අවබෝධයක් සමහර වැඩිහිටියන්ට නෑ.නිතරම දරුවා ගැන අවධානයෙන් සිටීම ඒ නිසා වැදගත්.ඔවුන් බොහෝ විට පොතට ඇළුම් කරන්නන් නොවේ.ඒ නිසා වඩා සරිලන ලෙස දරුවාට එය ලගා කරදීම ඔබ විසින් කළ යුතු වෙනවා.

 

 

???? අනවශ්‍ය ආකාරයෙන් තමන්ගේ බුද්ධියට පමණට වඩා ප්‍රතිඵල අපේක්ෂා කිරිම .

 

අසල්වැසි නිවෙස් වල දරුවන්ගේ ලකුණු, ජයග්‍රහණ වගේම නෑදෑ දරුවන්ගේ ක්‍රියා සමග ඔබේ දරුවාව සංසන්දනය කරන්නට එපා.ඉන් ඔහු/ඇය දැඩි මානසික බලපෑමකට ලක්වෙන්න ඉඩ තියෙනවා.හැම දරුවෙක්ම එක වගේ නෙමෙයි.ඔවුනට එකිනෙකාගෙන් වෙන් වුණු අනන්‍යතාවයන් තියෙනවා, හැකියාවන් තියෙනවා.දෙමව්පියන් විදියට ප්‍රථමව ඔබ එය තේරුම් ගත යුතුයි.

 

???? සමවයසේ මිතුරන් පිලිබද පමණට වැඩියෙන් සිතිම.

 

ඉහත කියූ කාරණාම මේ සඳහාත් අදාළ කරගන්නට පුළුවන්.අනෙක් දරුවාට සුදුසු දේ ඔබේ දරුවාට නුසුදුසු වෙන්න පුළුවන් .

 

???? දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ දැඩි අපේක්ෂා හා ඉල්ලීම්.

 

ඔබේ මට්ටමෙන් ඔබ දරුවාව බලාපොරොත්තු වෙන්නෙපා.දරුවාට දරුවා වෙන්න ඉඩ දෙන්න.හැමවිටම ඉහළම දේ දරුවගෙන් සොයන්නට එපා.ඔහුට/ඇයට ක්‍රමයෙන් ඉහළට එන්න අත දෙන්න.

 

විභාග භිතිකාව නිසා දරුවන්ට ඇතිවන කායික ප්‍රතිචාර ගැන ඔබ දැනුවත්ද?

 

#  මාංශ පේශි ආතතිය

# දිව කට වේලීම

# දහඩිය දැමිම

#නිතර මුත්‍රා පිටවිම

# කුසගින්න නොදැනිම

 

මීට අමතරව තවත් බොහෝ චර්යාමය වෙනස්කම් සිදු වෙනවා

 

# තමන් ඉගෙන ගන්නා විෂය කරුණු වටහා ගැනීමට හෝ මතක තබා ගැනීමට  උත්සාහ නොගැනීම.

# සිතුවිලි නිතරම විසිර තිබීම.

#නිතර පීඩාවෙන් පසු විම.

#පාඩම් කිරීමට කම්මැලිකම.

 

ඔබේ දරුවාට මෙම ඉරණම අත් කර දෙන්නෙපා.දරුවා සමග සමීප වෙන්න.දරුවාව අස්වසන්න. ඔහුට හෝ ඇයට මේ සිදු කිරීමට හැකියැයි ආත්ම විශ්වාසය ලබා දෙන්න.එවිට සියල්ල නිවැරදිව සිදු වනු ඇත.