Parenthrive - Nurturing families, strengthening communities ඔබේ දරුවාගේ සැබෑ දක්ෂතා ඔබ දෙමාපියන් ලෙස දැනුවත්ද?
image

Parenthrive විසින් ඔබ දෙමාපියන් ලෙස තම දරුවාගේ දක්ෂතා හදුනා ගැනීම, ඒවා වැඩදියුණු කිරීමට ගත හැකි පියවර වැනි බොහෝ වැදගත් කරුණු රාශියක් පිලිබදව Parenthrive “ දරුවන් වෙනුවෙන් අපි “ සිංහල සමාජයේ දෙමාපිය හමුව 2024ක් වූ අගෝස්තු 26, ප.ව. 08.00 සිට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. දෙමාපිය හමුව මෙහෙයවනු ලැබුවේ parenthrive සාමාජිකා  දනුෂි එන්. හෙට්ටිආරච්චි මහත්මිය සහ බුද්ධිකා  අධිකාරි මහත්මිය විසිනි. Parenthrive සිංහල සමාජයේ සාමාජිකයින් බොහෝ දෙනෙක් මෙම හමුව සදහා සහභාගී වූහ!

මෙම හමුවේදී සාකච්ඡ වූ කරුණු පහත පරිදි වේ.

 

බහුවිධ බුද්ධිය

මනෝවෛද්‍ය වරුන් විසින් බහුවිධ බුද්ධීන් නවයක් පිලිබදව  ඉදිරිපත් කර ඇත. ඒවා නම් වාචික බුද්ධිය, තාර්කික- ගණිතය බුද්ධිය,අවකාශීය- දෘශ්‍ය බුද්ධිය,කායික චාලක බුද්ධිය, සංගීත බුද්ධිය, අන්තර් පුද්ගල බුද්ධිය, අභ්‍යන්තර විමර්ශන/ ස්වයං පරාවර්තක බුද්ධිය, ස්වභාවිකවාදී බුද්ධිය, පැවැත්මේ බුද්ධිය යි. මෙම බුද්ධීන් තුලින් ඔබේ දරුවා තුල ඇති බුද්ධිය පිලිබදව ඔබට අවබෝදයක් ලබා ගත හැක. 




නව යොවුන් පරපුරේ දරුවෙකුගේ කුසලතා හදුනාගනිමු.

 

  • යොවුන් දරුවන් සමඟ විවෘතව සිටින්න
  • අත්‍යවශ්‍යතා හදුනාගන්න. උදාහරනයක් ලෙස ඔවුන් අවශ්‍ය කරන පාසල් උපකරණ ගැන අවදානයක් යොමු කරන්න.
  • ඔවුන්ගේ හැගීම වලට වටිනාකමක් දෙන්න
  • හරි ප්‍රශ්න අසන්න. උදහරනයක් ලෙස ඔබ ඔබේ දරුවාගේ විනෝදාංශ පිලිබදව ප්‍රශ්න අසන්න. ඔබත් එම විනෝදාංශ පිලිබදව යම් අවබෝදයක් ගෙන ඒ සම්බන්ද කරුණු ඔවුන්ගෙන් අසන්න.  
  • සන්නිවේදන අවස්ථා 
  • වෙලාව කලාව
  • කතාව ක්‍රියාවෙහි ස්ථාවරත්වය. 

 

යොවුන් දරුවන් සමග ක්‍රියාකාරම් වල යෙදීම තුලින් ඔවුන්ගේ දක්ෂතා හදුනා ගැනීම දෙමාපියන් ලෙස ඔබට පහසු වේ. පහත ආකාරයේ ක්‍රියාකාරම් වල ඔබට ඔබේ දරුවා සමග නිරත විය හැක. 

 

  • අනොන්‍ය සම්බන්ධතා.දරුවන්ට යහළුවන්ව මුණගස්වන්න.
  • ව්‍යයාම.දරුවා සමග ක්‍රීඩාවක යෙදෙන්න. එමගින් දරුවාගේ ක්‍රීඩා කුසලතා හදුනා ගැනීමට අවස්ථාවක් ඔබට ලබා දේ.
  • නව නිර්මාණ. 
  • නව ඉගෙනුම

 

ඔබ කැමති ක්‍රියාකාරකම් වල නිරතවීමට වඩා දරුවා කරන්න කැමති ක්‍රියාකාරකම් මොනවද ඔබේ දරුවාගෙන් අසන්න. දරුවා කැමති ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. 

 

මෙම කරුණු වලට අමතරව මෙම හමුව තුලදී බොහෝ දෙමාපියන් තම තමාගේ දරුවන් තුල තිබෙන දක්ෂතා සහ ඒවා වැඩි දියුණු කරගත හැකි ආකාර පිලිබදව සාකච්ඡාවට ලක් වීම තුලින් මෙම හමුවට තවත් වටිනාකමක් එකතු වුනි. 



සෑම දරුවෙකුම එකසමාන නොවන බව මතක තබාගන්න. දරුවන්ගේ හැකියා සහ කුසලතා එකිනෙකට වෙනස් බව මතක තබාගන්න. එමගින් ඔබේ දරුවාගේ කුසලතා දෙමාපියන් ලෙස ඔබට ඉතා පැහැදිලිව දැකබලා ගැනීමට හැකි වේ.