Parenthrive - Nurturing families, strengthening communities ආතතිය කළමනාකරණය කිරීම සහ අධික විඩාව වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය උපාය මාර්ග: දෙමාපියන් සඳහා වන මාර්ගෝපදේශයකි
image

මාපියත්වය ප්‍රීතිමත් සහ තෘප්තිමත් අත්දැකීමක් වන නමුත් එය අතිශයින් පීඩාකාරී සහ අභියෝගාත්මකය. වගකීම් සමග පොර බැදීම, ගෙදර දොරේ වැඩ කළමනාකරණය සහ දරුවන් පෝෂණය කිරීම මගින් දෙමාපියන් අධික ලෙස වෙහෙසට පත්වන අතර අධික විඩාවට පත්වීමට ඉඩ ඇත. දෙමව්පියන් ඔවුන්ගේ යහපැවැත්මට හා ඵලදායී වෘත්තීය ක්‍රියාමාර්ග සදහා ප්‍රමුඛත්වය දීම මගින් මානසික ආතතිය කළමනාකරණය කිරීමටද අධික විඩාව වීම වළක්වා ගැනීමටද උපකාරී වේ. එමගින් ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න පවුලක්ද සහ පුද්ගලික තෘප්තියද තහවුරු කර ගත හැක.

 

ප්‍රධාන වශයෙන්ම, කාල කළමනාකරණය සහ සංවිධානය වීම දෙමාපියන්ට ඔවුන්ගේ දෛනික ජීවිතයේ අවශ්‍යතා සපුරාලීමට අත්‍යවශ්‍ය වේ. රැකියාව, පවුල, ස්වයං රැකවරණය සහ විවේකය සඳහා කාලය වෙන් කරන කාලසටහනක් නිර්මාණය කිරීම මගින් දෙමාපියන්ට තම වගකීම් වල මනා පාලනයක් ඇති කර ගත හැක. ව්‍යුහගත කාල රාමුවක් තුළ කාර්යයන් සඳහා ප්‍රමුඛත්වය දීම සහ ළඟා කර ගත හැකි ඉලක්ක තබා ගැනීම මගින් කාර්යබහුල චර්යාවක් තුළ පවතින ආතතිය සමනය කළ හැකිය.  

 

දෙමාපියන්ගේ අධික කායික හා මානසික විඩාව වැළැක්වීම සඳහා නිතිපතා ස්වයං රැකවරණය ඉතා වැදගත් වේ. තමාටම කාලය වෙන් කර ගැනීමට කෙටි මොහොතක් භාවනා කිරීම, පරිසරයේ ඇවිදීම, පොතක් කියවීම හෝ විනෝදාංශයක යෙදීම, මනස ප්‍රබෝධමත් කිරීමට සහ නැවුම් කිරීමට උපකාරී වේ. ස්වයං රැකවරණයට ප්‍රමුඛත්වය දීම ආත්මාර්ථකාමී නොවේ; එය කෙනෙකුගේ සමස්ත යහපැවැත්ම සඳහා වන ආයෝජනයක් වන අතර දීර්ඝකාලීනව පවුලේ යහපැවැත්ම සඳහාද හේතුවකි.

 

සහකරුවන්, පවුලේ සාමාජිකයන් හෝ විශ්වාසනීය උපකාරක ජාලයක් හරහා සිදුවන සන්නිවේදනය සහ සහයෝගය, දෙමාපියන්ගේ ආතති කළමනාකරණයට ඉතා වැදගත් වේ. හැඟීම් ප්‍රකාශනය කිරීම, අභියෝග බෙදාගැනීම සහ උපදෙස් හෝ උපකාර පැතීම මගින් දෙමාපියන්ගේ වගකීම් වල බර අඩු කර ගත හැක. උසුලාගෙන ඇති බර බෙදා ගැනීම සහ කණ්ඩායමක් ලෙස එකට වැඩ කිරීම මගින් පවුලේ බැඳීම් ශක්තිමත් කරන අතර පුද්ගල ආතතිය අඩු කරයි.   

 

සෞඛ්‍ය සම්පන්න ලෙස රැකියාව - ජීවිතය සමතුලිතතව පවත්වා ගැනීම දෙමාපියන්ට වැදගත් වේ. රැකියාව සහ පවුල සදහා යොදවන කාලය අතර සීමා නිර්ණය කිරීම, අධික ලෙස කැපවීමෙන් වැළකී සිටීම සහ අවශ්‍ය විටෙක ‘එපා’ කීමට ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය පුරුදු වේ. දරුවන් සමඟ ගුණාත්මකව කාලය ගත කිරීම, අර්ථවත් සංවාදවල නියැලීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සහභාගී වීමෙන් දෙමාපිය-ළමා සබඳතාව ශක්තිමත් කිරීමටත් සහ තෘප්තිමත් හැඟීමක් ලබාදීමටත් හැකිය.

 

ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීම ආතතිය කළමනාකරණයට සැලකිය යුතු ලෙස දායක වේ. යෝගා කිරීම, මද වේගයෙන් දිවීම (Jogging), හෝ හුදෙක් ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් මගින් ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කරනවා පමණක් නොව එන්ඩොර්ෆින් (Endorphin) හෝමෝනය මුදා හැරීම, ආතති මට්ටම් අඩු කිරීම සහ ධනාත්මක මානසිකත්වයද ප්‍රවර්ධනය කරයි. සමබර ආහාර වේලක්, නිසි නින්දක් සහ නිතිපතා ව්‍යායාම කිරීම යනාදිය චර්යාවකට ඇතුළත් කිරීම සමස්ත යහපැවැත්මට දායක වේ.

 

අවසාන වශයෙන්, උපදේශනය හෝ චිකිත්සාව වැනි වෘත්තීමය සහාය ලබා ගැනීම ප්‍රබල සහ ප්‍රයෝජනවත් පියවරකි. දෙමාපියන් මුහුණ දෙන විශේෂ අභියෝග සහ හැඟීම්, මානසික සෞඛ්‍ය පිළිබඳ වෘත්තිකයෙකුගේ මගපෙන්වීම මගින් ඵලදායී ලෙස ආමන්ත්‍රණය කළ හැක. දෙමාපියන්ගේ පීඩනය ගැන විවෘතව කතා කිරීම සහ වලක්වාලීමේ ක්‍රමවේද ඉගෙනීම මගින් ආතතිය සමනය කර අධික විඩාව වැළැක්විය හැකිය.

 

අවසාන වශයෙන්, දෙමාපියන්ට සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් සහ තෘප්තිමත් පවුල් ජීවිතයක් පවත්වා ගැනීම සඳහා මානසික ආතතිය කළමනාකරණය කිරීමත් අධික විඩාවෙන් වැළකී සිටීමත් අත්‍යවශ්‍ය වේ. ඵලදායීව කාල කළමනාකරණය කිරීම, තමා වෙනුවෙන් කාලය දීමට ප්‍රමුඛත්වය දීම, සහය ලබා ගැනීම, රැකියාව හා ජීවිතය සමතුලිතතාවය පවත්වා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ප්‍රමුඛත්වය දීම සහ අවශ්‍ය විටෙක වෘත්තීයවේදී උපකාර ලබා ගැනීම මගින් දෙමාපියන්ට දරාදීමේ ගැනීමේ හැකියාවෙන් සහ කරුණාවෙන් යුක්තව මාපියත්වයේ අභියෝග ජය ගත හැකිය.   

 

සමබර, ආතතියෙන් තොර දෙමාපියෙකු අවසානයේ දී සාමකාමී පවුල් පරිසරයකට මඟ පෙන්වයි, එහිදී දරුවන්ට චිත්තවේගීයව හා මානසිකව ශක්තිමත් විය හැකි අතර වර්ධනය විය හැකිය.